ඇමරිකානු රාජ්‍ය අනුබද්ධ ආයතනයක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ( MCC) හී කාර්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවා නොමැති බව ඇමරිකාවේ මෙරට තානාපති කාර්‍යාලය නිල දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ එම ආයතනයේ කාර්‍යාලයක් අරලියගහ මන්දිරයේ පිහිටුවා තිබෙන බවට එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධව මාධ්‍ය වෙතින් කල විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.
පසුගියදා කිසියම් ලිපියක් උපුටා දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව විමසීමක් සිදුකළ අතර ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක සදහන් කර සිටියේ එවැනි කිසිවක් අරලියගහ මන්දිරයේ නොමැති බවය.
නමුත් එකී ලිපිය විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සභා ගතකල අතර මාධ්‍ය මේ සම්බන්ධව අවධානය යොමුකර සිටියේද ඒ අනුවය.
අදාල නිවේදනය නිකුත්කරමින් ඇමරිකානු තානාපති කාර්‍යාලය අවධාරණය කර ඇත්තේ MCC කාර්‍යාලයක් අරලියගහ මන්දිරයේ පමණක් නොව මෙරට කොහේවත් එවැන්නක් ස්ථාපිත කර නොමැති බවය.
එසේම එම ආයතනයේ කාර්‍යාලයක් ඇමරිකානු තානාපති කාර්‍යාලයේ තිබෙන බවත් එයද සිදුකරන්නේ සම්බන්ධීකරණ කටයුතු පමණක් වන අතර ඒ හැර එහි කටයුතු සෘජුව ඇමරිකාවේ තිබෙන MCC ප්‍රධාන කාර්‍යාලය හරහා සිදුකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

