ජෝන්ට ගහපු මඩේ : ඉරාජ්ට පත්තුවෙන ලකුණු !

ජෝන්ට ගහපු මඩේ : ඉරාජ්ට පත්තුවෙන ලකුණු !

අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රතිරූපයට හානිකර ආකාරයේ ජායාරූපයක් සංස්කරණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව අමාත්‍යවරයාගේ නිල ෆේස් බුක් ගිනුමේ සදහන් කර ඇත.

මේ අතර අප ඇමතූ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් කිහිපදෙනකු සදහන් කර සිටියේ අදාල ජායාරූපය ඉරාජ් වීරරත්න ගායකයාගේ නවතම වීඩියෝ ගීතය youtube වෙත මුදාහැරීමට සමගාමීව අන්තර්ජාලය වෙත නිකුත්කර තිබෙන බවය.

එසේම එම ගීතය ඇතුලත් වීඩියෝව තුළ ද ඒ ජායාරූපය ඇතුලත් කර ඇති බවත් එය කලාවට පමණක් නොව ආචාර ධර්ම විරෝධී සහ මිනිසෙකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව කිසිදු තැකීමක් නොකර ප්‍රදර්ශනය කර ඇති බවද ඔවුන් පවසයි.

තවද එම වීඩියෝ ව සංස්කරණය කරනු ලැබූ වකවානුව සහ මෙම ජායාරූපය සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීම අතර පහත් ප්‍රචාරණ උපක්‍රමයක් අනුගමනය කර ඇති බවට සැක පහල වන බවත් විමර්ශනයක් සිදුවන්නේ නම් ඒ ගැන අවධානය යොමුකිරීම වැදගත් බවද ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න