වෙලේ සුදාගේ මරණ දඩුවම ස්ථිරයි

වෙලේ සුදාගේ මරණ දඩුවම ස්ථිරයි

හෙරොයින් ළග තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් අද දින යළිත් ස්ථිර කරනු ලැබීය.

මුලින් දුන් තීන්දුවට එරෙහිව වෙළේ සුදා විසින් ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.

මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් වෙලේ සුදා විසින් අභියාචනාධිකරණය වෙත එම අභියාචනය ගොනු කර තිබිණ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සඳහන් කර සිටියේ කර සිටියේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට වෙලේ සුදාගේ නීතිඥවරු සූදානම් වන බවද පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න