ඇමති අකිලගේ නම විකුණා මුදල් ගැරූ : ශ්‍රීලනිප සංවිධායකගේ මලයා අත්අඩංගුවට !

ඇමති අකිලගේ නම විකුණා මුදල් ගැරූ : ශ්‍රීලනිප සංවිධායකගේ මලයා අත්අඩංගුවට !

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින අයෙකු බව හඟවමින් කුරුණෑගල, නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ළමුන් පාසල්වලට ඇතුලත්කරන බවට සහ ජාතික පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ රැකියා ලබාදෙන බවට ජනතාව රැවටූ පුද්ගලයෙක් පසුගිය 07 වනදා මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම පළාත් සභාවේ හිටපු සභානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර ආසනයේ සංවිධායක මහින්ද අබේකෝන් නම් මන්ත්‍රීවරයාගේ සහෝදරයා මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

තමන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින නිලධාරියෙකු බැවින් තමන්ට මුදල් ලබාදී දරුවන් පාසල්වලට ඇතුලත් කල හැකි බවත් ඊට අමතරව ජාතික පාසල්වල අනධ්‍යන කාර්යමණ්ඩලයේ රැකියා ලබාදෙන බවද මොහු පවසා ඇත.

පොලිසිය මේ පිළිබඳ වැඩි දුර විමර්ශන පැවැත්වූ අතර එහිදී උපාය දූතයකු මාර්ගයෙන් අදාළ පුද්ගලයා මෙලෙස කොටුකරගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත. හඬ පට සහ සෙසු සාක්ෂි ඔස්සේ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න