ඉසුර සමග ඡායාරූපයක් වත් එපා : මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් !

ඉසුර සමග ඡායාරූපයක් වත් එපා : මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් !

මේ මස 21 වෙනිදා නිල කාලය අවසන් වීමට නියමිතව බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කර පිටවගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ 2019 වසරේ දී තම නියමිත සංවර්ධන කටයුතුවලට ප්‍රතිපාදන වෙන්කිරීමට මහ ඇමතිවරයා කටයුතු නොකල බවට චෝදනා කරමින් බවත් දැනගන්නට තිබේ.

සෑම වසරකම මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 25 බැගින් අයවැයෙන් වෙන් කරන ලද මෙම වසරට මුදල් වෙන් කරන බව මහ ඇමතිවරයා පැවසූ නමුත් එසේ නො ලැබුණු බව විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 200-250 ආදී ලෙස කෝටි ගණන් ප්‍රතිපාදන ලබාදී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න