Language Switcher

V2025

මාකදුරේ මධූෂ් රැගෙන ඩුබායි පොලිසියේ 4ක් ලංකාවට !

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු ද පැමිණීමට නියමිතව ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.

මධුෂ් සහ ගායක අමල් පෙරේරා ද මෙදින ඩුබායි සිට රැගෙන එන අතර එහිදී ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තර සියල්ලම ඩුබායි පොලිසිය මගින් ආරක්‍ෂක අමාත්‍යාංශයට භාරදීමට ක්‍රියා කරනු ඇති බවත් එම පුවතේ දක්වා ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක අමාත්‍යාංශය ඩුබායි රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මෙසේ කටුනායකට රැගෙන එනු ලැබේ.

මොවුන් කටුනායකට රැගෙන එන අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යෙදවීමටද පියවර ගෙන ඇත.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found