අපි කියපු දේ කරලා පෙන්වන ආණ්ඩුවක් - ඇමැති රවී

අපි කියපු දේ කරලා පෙන්වන ආණ්ඩුවක් - ඇමැති රවී

ඊයේ රෑ ඉදන් විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එදා කියපු දේ රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කිව්වේ විදුලි කප්පාදුවක් ඊයේ රෑ ඉදන් නැහැ කියලා. ඉතින් ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයට අවු. 50ක් පිරීම නිමිත්තෙන් පිළියන්දල ලංවිම පුහුණු අභ්‍යාස විද්‍යාලයේ පැවති පිය පුතු පදනම මත නව රැකියාලාභීන් 123 දෙනෙකුට පත්වීම් ලබා දීමේ උත්සවයකට ඊයේ (11) පෙරවරුවේ සහභාගී වෙමිනි.

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්ණ කිහිපයකටද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකර සිටියේ ය.

“අගමැතිතුමා විසින් පත්කරපු පස් කමිටුව මේකට සම්බන්ධ දෙයක් නෙමෙයි. වෙනින් දේවල් සම්බන්ධව කටයුතු කරන්නයි පත්කළේ. හැම දෙනාගෙම උදව් උපකාර අවශ්‍යයයි. තනි පුද්ගලයෙක්ගේ වැඩ කටයුතු වලට. ඉතින් ඒක අගමැතිතුමාගේම ක්ෂේත්‍රයක් යටතේ කිව්වම අපට කොතරම් වටිනාකමක් දීලා තියෙනවද කියලා තේරෙනවා”

තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“විදුලි කප්පාදුව පහුගිය අයගේ සිදුවීම් නිසා තමයි සිදු කරන්න වුනේ ඒ කාලේ අමතර විදුලිය ලබාගෙන තිබෙන්නේ වියදමට වඩා වැඩියෙන්. මේ සැරේ අපි විදුලි බල මණ්ඩලයේ ජනනය කිරීමට වඩා අඩුවෙන් ගන්නේ. වෙනස දැන් තෙරේවි. අපි අමාත්‍යාංශයේ වෙනස් වීම් කරන්නේ හැම දෙනාගෙම එකමුතුභාවය තුළින්. මේක හෘදයාංගයෙන්ම එන දෙයක් මිසක් තල්ලු කිරීමක් නෙමෙයි. මම හිතන්නේ හොඳම දේ තමයි ඒ වැඩ කරන සේවක පිරිසගෙන් සහ ඒ කළමණාකරන මට්ටමෙන් අහන්න පුළුවන් කොයි ආකාරයෙන්ද අප එකමුතු වෙන්නේ වෙනසක් කරන්න කියලා. ඵල තියෙන රුකටනේ ගල් ගහන්නේ. ඒ වගේම වැඩ කරන අපට තමයි ගහන්නේ. අපි කියන්නේ විශ්වාසයක් ඇති කරන්න. අපි කිව්වොත් අපට තියෙන්නේ මේ වගේ අනවශ්‍ය දෙයක්, ඒ කියන්නේ අපට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ විදුලි කප්පාදුවක් කරන්න. අපට ඉල්ලුමට සැපයුමක් තිබ්බේ නැහැ.

කව්ද මේකට වග කියන්න අවශ්‍ය. දවස් 73 ගත්ත මමද, නැත්නම් මීට පෙරහිටපු අයද. හැබැයි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. අපි ඉදිරියට ගමන් කරමු. මින් පසුව එන විදුලි ඇමතිවරයෙක්ට මෙවැනි ප්‍රශ්ණයක් ඇති නොවන විදියට අපි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් තියන එක තමයි මම කරන්නේ. ඒක ජනතාව වෙනුවෙන් අපි කළ යුතුමයි. මේ යටිතල පහසුකම අත්‍යාවශ්‍ය දෙයක්. ඒක මානව අයිතිවාසිකමක්. ඒක අපි ලබලා දෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න