වසර අවසානය පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග්‍රාහකයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රට හදන, රට දිනවන වේදිකාවක් බව පැවසූ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එම පෙරමුණේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑ අයකුට එම වේදිකාවට ගොඩවිය හැකි බවත් දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට එරෙහි ප්‍රබලතම පෙරමුණ බිහි වන්නේ එම වේදිකාවෙන් බවත් පැවසීය.
ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කෙළ් මිනුවන්ගොඩ ආසනයේ ව්‍යාපාරික ප්‍රජාව උඩුගම්පොළ දී මුණගැසුණු අවස්ථාවේදීය.
මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
මෑත ඉතිහාසයේ උදාවෙච්ච අන්තිම නරකම සිංහල අවුරුද්ද තමයි 2019 දී අපට සමරන්න වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද නරක් වෙලා තියෙන්නේ නැකතේ වරදකින්වත්, ජනතාවගේ වරදකින්වත් නෙමෙයි, ආණ්ඩුවේ වරද නිසයි. මිනිස්සුන්ට බඩට කාලා, ඉණට ඇඳලා ඉන්න නැති අවුරුද්දක් උදා වුණේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසයි.
පොදුජන පෙරමුණ කියන්නේ පක්ෂයක් විතරක් නෙමෙයි රටම එකට එකතු කරන වේදිකාවක්. ඒ වේදිකාවට අපේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑම කෙනකුට ගොඩනගින්න පුළුවන්. අපේ වේදිකාව කාටත් ගරු කරන, කාගේ අදහසුත් ප්‍රතික්ෂේප නොකරන තැනක්. ඒක රට හදන වේදිකාවක්. ඒක රට දිනවන වේදිකාවක්. ඊළඟ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරන අපේක්ෂකයා බිහිවෙන්නේ අපේ කඳවුරෙනුයි.

