කොන්ඩම් ඇහිදින්න ගිය නාමල් පචම වෙයි : අම්මා අප්පා එක්කම අහගෙන !

කොන්ඩම් ඇහිදින්න ගිය නාමල් පචම වෙයි : අම්මා අප්පා එක්කම අහගෙන !

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ යොවුන්පුරය 2019 අවසන්වී සති 2ක් පමණ ගතවීමෙන් පසුව එම භූමියේ උපත් පාලන කොපු තිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ඊට සහභාගී වූ තරුණ තරුණියන් බලවත් විරෝධය පළකර සිටියි.

ඊට සම්බන්ධවූ යෞවන සමාජ ක්‍රියාකාරිනියක් සදහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ඔහු ජාතික යොවුන්පුරය සදහා සහභාගී වූ 8000 කට අධික තරුණ තරුණියන් වෙතින් සමාව ඉල්ලිය යුතු බවය.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා නාමල් මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඊට සහභාගී වූ තරුණියන් ඉතාම දුෂ්කරතාවකට පත්ව තිබෙන බවත් ඇය සදහන් කර සිටියි.

යොවුන්පුරය පැවති කිසිදු දිනයක ඊට සහභාගී නොවූ නාමල් මන්ත්‍රී මෙම නින්දිත ප්‍රකාශය සිදුකළ පදනම ජාතික තරුණ සේවා සභාව සහ එහි සභාපති මෙන්ම ආණ්ඩුව අපකීර්තියට පත්කිරීම වුවත් ඒ හරහා අපකීර්තියට පත්වූයේ ඊට සහභාගී වූ තරුණ ප්‍රජාව බවත් මෙතරම්ම පහත් දේශපාලනයක නිරත වන නාමල් මන්ත්‍රීවරයා අනාගත නායකත්වයකට නොව මරණාධාර සමිතියක් සදහා හෝ නුසුදුසු බවද ඇය පැවසීය.

එසේම ලිංගික අධ්‍යාපනය පමණක් නොව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පූර්ව ළමාවිය පවා හරිහැටි වර්ධනයවී නොමැති බවත් එම ප්‍රකාශයෙන් පෙන්නුම් කරන බවද ඒ සමග අදහස් දැක්වූ තවත් යෞවන සමාජ ක්‍රියාකාරිකයකු පැවසීය.

එමෙන්ම මෙරට තරුණ ප්‍රජාව යනු නාමල් හිතන ආකාරයට හමුවෙන සියල්ලන් සමග ලිංගිකව එක්වන පිරිසක් නොවන බවත් වැදගත් කාරණය වන්නේ යෞවන සමාජ සහ ළමා සමාජ අතර වෙනස නාමල් මන්ත්‍රී නොදැන සිටීම බවත් එසේ වූවා නම් කොන්ඩම් මැජික් නොවන බවත් ඔහු පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යෞවන සමාජ ක්‍රියාකාරිකයා පවසා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැනි සදාකාලික ළමාවියක් උරුම කරගත් පිරිස් ගැන මෙරට තරුණ ප්‍රජාව සබුද්ධික තීරණයක් ගත යුතුව ඇති බවය.

එසේම නාමල් රාජපක්ෂ මමන්ත්‍රීවරයාගේ මේ "කොන්ඩම්" ප්‍රකාශය සම්බන්ධව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරංද වැලිඅංගේ ද සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇති ඒ හරහා නාමල් මන්ත්‍රීවරයා වෙත දැඩි ප්‍රතිචාරයක් දක්වන්නට සභාපතිවරයා කටයුතු කර ඇත.

නාමල් ප්‍රශ්නය ඔයාගේ නෙවෙයි : වසර 30 කට පෙර කොන්ඩම් එකක් නැතිවීමේ ප්‍රශ්නයක් !

IMG 20190416 165141

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න