සම්බන්ධතා වැඩි කරගන්න : ඉන්දියාවෙන් ලංකාවට තෑග්ගක් !

සම්බන්ධතා වැඩි කරගන්න : ඉන්දියාවෙන් ලංකාවට තෑග්ගක් !

ශ‍්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ‍්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇතැයි එරට ටයිම්ස් නව් ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.

ශ‍්‍රී ලංකාව පමණක් නොව අග්නිදිග ආසියාවේ සියළු රටවල් සමඟ සිය ආරක්ෂක සබඳතා ඉහළ නැංවීම ඉන්දියාවේ අරමුණ බවද එම ප‍්‍රවෘත්ති සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ‍්‍රී ලංකාව වෙත ලබාදීමට අදහස් කරන ඩෝනියර් නිරීක්ෂණ යානය ජර්මනියේ බලපත‍්‍ර අයිතිය සහිතව ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලැබූවක් වන අතරම එමඟින් සමුද්‍ර සහ වෙරළාරක්ෂක නිරීක්ෂණ කටයුතු කාර්යක්ෂම කළ හැකි වන බව ඉන්දියාව සඳහන් කර ඇති බවත් එහි සදහන්ය.

කලාපීය ආරක්ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණෙන් ඉන්දියාව මිත‍්‍ර ශක්ති නමින් ඒකාබද්ධ නාවුක අභ්‍යාසයක් ද පසුගියදා පවත්වනු ලැබූ අතර ඊට අමතරව මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට බුද්ධගයාව සහ ලූම්බිණියේ සංචාරය කිරීම සඳහා ද ඉන්දියාව ඇරයුම් කර තිබිණි.

චීනයේ බලපෑම ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සමඟ ඉහළ පෙලේ ආරක්ෂක සාකච්ඡා පැවැත්වීම ඉහළ නංවා ඇති අතර, බංග්ලාදේශය සමඟද නුදුරේදීම එවැනි සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.

(ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න