අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කවුන්සිලයේ සංවර්ධනය සඳහා වූ මුල්‍ය සංසදයට සහභාගී වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් හමුවිය.
මහ ලේකම්වරයා 1978 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාර පිළිබඳ මෙහි දී සිහිපත් කළේ ය.
මෑත වකවානුවේ දී ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන අර්බුදය සාමකාමී ලෙස විසඳාගැනීමට කටයුතු කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සහ තිරසාර සංවර්ධනය සඳහා වූ ගමන්මග ඇගැයීමට ලක් කරමින් තව දුරටත් මෙරට ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබා දෙන බව ද සඳහන් කළේ ය.

