සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් රියාල් මිලියන 187.5ක (රු. මි. 8725) සහන ණය මුදලක් ලබා දීමට සෞදි රජය එකගත්වය පළ කර ඇත.
ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාගාර පහසුකම් සහිතව ලොව පිළිගත් ඉගැන්වීමේ සහ ඉගැනීමේ පහසුකම් මෙරට වෛද්‍ය සිසුන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
වෛද්‍ය අධ්‍යාපනය සඳහා පවත්නා අවස්ථා පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.ඒච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවර කළ සංචාරයේ දී මේ සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
සෞදි රජය වෙනුවෙන් සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් අල්දොලයිලන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූ අතර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා වන සෞදි රියාල් මිලියන 187.5ක හෙවත් රු.මිග 8725ක සහනදායි ණය ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධානීහු එකග වූහ.

