ජනාධිපති නීතිඥයන් පදුරු ගසයි : නීතිඥයන් විරෝධය දක්වයි !

ජනාධිපති නීතිඥයන් පදුරු ගසයි : නීතිඥයන් විරෝධය දක්වයි !

ඉවක්බවක් නොමැතිව ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන් දැඩි කනස්සල්ල පළකර සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්ප‍්‍රදායක් ලෙස වසරකට එක් වරක් පමණක් සිදුවුවද මේ වසර තුළදී පමණක් දෙවරක්ම ජනාධිපති නීතීඥවරු පත්කිරීම සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නීතීඥවරු ජාතික නීතීඥ සංගමයට කරුණු දක්වා ඇති බවත් දැනගන්නට ඇත.

මේ වසර ආරම්භයේදී ජනාධිපති නීතීඥවරු 25 දෙනෙකු පත්කිරීමට පියවර ගත් අතර මේ සතියේදි තවත් ජනාධිපති නීතීඥවරුන් 21 දෙනෙකු පත්කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර තිබේ.

මේ ආකාරයට ජනාධිපති නීතීඥවරුපත්කිරීම හේතුවෙන් සමස්ත නීති ක්ෂේත‍්‍රයම ප‍්‍රබල කැලඹිමකට ලක්ව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ නීතීඥවරුන් ජාතික නීතීඥ සංගමයට වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න