2017 ළමා අපයෝජන : දොළොස දහස පනියි !

2017 ළමා අපයෝජන : දොළොස දහස පනියි !

ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂණ සේවාදෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ළමාරක්ෂණසේවා දෙපාර්තමේන්තුවේ 2017වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ මේබව සඳහන් කර තිබේ.

ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 1,187කි. දෙවැනියට වැඩිම පැමිණිලි ප්‍රමණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර, එම ප්‍රමාණය 1,084කි. තෙවැනියට වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 997කි.

ළමා අපයෝජන සම්බන්ධයෙන් 2017 වසරේදී මුලතිව් සහ පොළොන්නරුවදිස්ත්‍රික්කවලින් කිසිදු පැමිණිල්ලක්ලැබී නොමැති අතර, එය විශේෂත්වයකි.

‍මොණරාගල දිස්ත්‍රික්යෙන් පැමිණිලි37ක් පමණක් ලැබී ඇති අතර, අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලින්ලැබීඇතිපැමිණිලි ප්‍රමාණය සියය ඉක්මවා ඇත.

මෙම පැමිණිලි යටතේ ළමයින් පාසල් නොයැවීම, බාලවයස් විවාහ, ගැබ් ගැනීම්, කායික දණ්ඩනය, මානසික අපයෝජන, ළමා ලිංගික අපයෝනය, නොසලකාහැරීම්, ළමාමෙහෙකාර සේවය ඇතුළු පැමිණිලි ලැබී තිබේ.

මේ යටතේ 2017 වසර තුළ ළමා ලිංගිකඅපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 398ක් ලැබී තිබේ. එයින් වැඩිම පැමිණිලි ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර, එම ප්‍රමාණය 35කි.

ළමාඅපයෝජන සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුවවෙත පැමිණිලි 12,093ක් නාමිකව, නිර්නාමිකව, ලිඛිතව සහ දුරකථනය ඔස්සේ ලැබී ඇති අතර,එම සියලු පැමිණිලි ඉදිරි විමර්ශන කටයතු සහ නීතිමය කටයුතු සඳහා විවිධ ආයතන වෙත යොමුකර අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

පැමිණිල්ලේ ස්වරූපය අනුව ප්‍රාදේශීය ලේකම්වරුහරහා ළමා ප්‍රවර්ධන නිලධාරීන් වෙත,පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වෙත, අදාළ පොලිස් ස්ථානවලට, කම්කරු දෙපාර්තමේන්තුව, පළාත් පරිවාස දෙපාර්තමේන්තුව හා විදේශසේවා නියුක්ති කාර්යාංශ වෙත යොමුකර ඇති බවද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න