ලංවීම සේවකයින්ට රවීගෙන් සහනයක් !

ලංවීම සේවකයින්ට රවීගෙන් සහනයක් !

රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමිවන ලංවිම සේවකයන් වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට සුදුසුකම් මත ලං.වි.ම. රැකියා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බව විදුලි බල - බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළ නංවන බවත් ඔහු පැවැසීය. ලං.වි.ම.ට වසර 50 ක් සපිරීම නිමිත්තෙන්, පියපුතු පදනම මත සේවක පවුල් සාමාජික සාමාජිකාවන්ට ලංවිම පත්වීම් ලිපි ප්‍රදානය කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙම ආයතනයේ සේවය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. පිරිසක් කාර්යාල තුළ සේවය කළත්, තවත් පිරිසක් දැඩි වගකීමක් සහිත අවදානම් කාර්යයන් වල නිරතවෙනවා. මෙසේ අවදානම් රාජකාරිවල නිරතවන පිරිස, සිය රාජකාරි කාලසීමාව තුලදි ජීවිතක්ෂයට පත්වූ අවස්ථා බොහෝමයක් තිබෙනවා.

එසේ රාජකාරිය අතරතුර එමගින් අනතුරට ලක්වී ජීවිත අහිම්වන සේවක පවුල්වල දරුවෙකුට සුදුසුකම් මත ලංවිම රැකියා අවස්ථාවක් ලබාදීම අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2015 ජනවාරි මස සිට ලංවිම සේවයේ යෙදී සිටියදී රාජකාරි සම්බන්ධයෙන් එවැනි අභාග්‍යසම්පන්න මරණ වලට ලක්වූ අය සිටීනම්, ඒ පිළිබදව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙක් වෙනුවෙන් රැකියා අවස්ථාවක් ලබාදෙන ලෙස මම ලංවිම පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා" යැයි පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න