දශක තුනක මාතර කතාව හෙට (20) !

දශක තුනක මාතර කතාව හෙට (20) !

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් උත්සවය කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

“දශක තුනක මාතර කතාව” නම් වූ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ අප්‍රේල් මස 20 වැනි සෙනසුරාදා උදෑසන 9.00 සිට මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දීය. ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවැත්වෙයි.

මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලළා පැවැත්වෙන විශේෂ උත්සවය 21 වැනි දා පස්වරු 3.00ට රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී ආරම්භ වෙයි.

හිටපු මුදල් අමාත්‍යවරයකු වන රොනී ද මැල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ දී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අලළා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත “මංගල සමරවීර” කෘතිය එළි දැක්වීම ද සිදු කෙරේ.

අමාත්‍යවරයාගේ දශක තුනක දේශපාලන ගමන්මග පිළිබඳ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි. මෙම අවස්ථාවට විද්වතුන්, කලාකරුවන්, මංගල සමරවීර මහතාගේ දේශපාලන හිතවතුන් ඇතුළු මාතර දිස්ත්‍රික් ජනතාව සහභාගී වීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න