මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට දශක තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ උත්සවයක් හෙට (21) ප.ව 3.00ට මාතර, රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී මංගල සමරවීර අමාත්‍යවරයාගේ දශක තුනක දේශපාලන ගමන්මග පිළිබඳ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි.
නිහාල් ජගත්චන්ද්‍ර විසින් රචිත “මංගල සමරවීර” කෘතිය එළිදැක්වීමද එහිදී සිදුකිරීමට නියමිතව ඇත.
තවද අමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී අද (20) ආරම්භ වූ “දශක තුනක මාතර කතාව” ඡායාරූප ප්‍රදර්ශනයත් හෙට දිනයේද විවෘතව පවතී.


