තමන් දේශපාලන කටයුත්තක් සදහා සහභාගී නොවූ බවත් තමන් සහභාගී වූයේ දිළිඳු පවුල් සඳහා ආදර්ශ ගම්මානයකට මුල්ගල් තැබීමේ උත්සවයට පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.
සිය ට්විටර් ගිනුම හරහා ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඊයේ (19)ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාරගේ සහභාගීත්වයෙන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද නව නිවාස ව්‍යාපෘතිය සදහා "සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ ලෙස එහි නම යොදාගැනීමට ඉඩ දුන්නේ මන්දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.
මේ වන විට මෙම සිදුවීම සමාජ මාධ්‍ය ජාල අතර දැඩි හාස්‍යට ලක්ව ඇති අතර මීට සහභාගීවීම නිසා හිටපු ක්රිකට් නායක කුමාර සංගක්කාර සිය නමටද කැළලක් සිදුකරගෙන ඇති බවටද මත පළවෙමින් තිබේ.


