පොදු අපෙක්ෂකයකු නැත්නම් ස්වාධීන වෙන්න : ශ්‍රිලනිප කණ්ඩායමක් තීන්දු කරයි !

පොදු අපෙක්ෂකයකු නැත්නම් ස්වාධීන වෙන්න : ශ්‍රිලනිප කණ්ඩායමක් තීන්දු කරයි !

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පාර්ශවය එක් අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තද ස්ථාවරයක සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග සදහන් කරන්නේ අදාල අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද නැත්නම් පොහොට්ටු පාර්ශවයේද යන්න සම්බන්ධව භේදයක් මේ පිරිසට නැති බවය.

එසේම ඉදිරිපත් කිරීමට නියමිත අපේක්ෂකයා කවුද යන්න දෙපාර්ශවය සාකච්ඡා කර තීරණය කළ යුතු බවත් නැත්නම් ඉදිරි ජනාධිපතිවරණය හමුවේ සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධව තමන්ට ස්වාධීනව තීන්දුවක් ගැනීමට සිදුවන බව ඔවුන්ගේ ස්ථාවරය බවත් වාර්තා වෙයි.

එකට නොහිටියොත් පරාදයි - දයාසිරි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සදහන් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටු පාර්ශවයේ අපේක්ෂකයාට සහයදීම හෝ නොදීම පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව සිදුවනු ඇති බවයි.

එසේම දෙපාර්ශවය එක්ව ගොඩනැගීමට යන සන්ධානය සම්බන්ධව සුභවාදී ස්ථාවරයක පක්ෂය සිටින බවත් එම සන්ධානයෙන් එක් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළහොත් ජයග්‍රහණය කිරීම දුෂ්කර බවත් ඔහු පවසයි.

එසේම ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධව මෙතෙක් ජනාධිපති සිරිසේන තීරණයක් ගෙන නොමැති නමුත් ඔහු ඊලඟ ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම තම අපේක්ෂාව බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න