එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි පොදු ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සලකා බලන බව කතානායක කරු ජයසූරිය පවසයි.
අද (20) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
තමන් කුලල්කාගෙන හෝ ඉල්ලාගෙන කිසිඳු පදවි තානාන්තරයක් ලබාගෙන නොමැති බවත් ඒ සියල්ල තමන්ට ලැබුණේ දෛවය අනුව බැවින් දෛවය අනුව තමන්ට පැවරෙන ඕනෑම වගකීමක් දැරීමට සූදානම් බවද කතානායකවරයා පවසා ඇත.
ජනාධිපති අපේක්ෂකයා මාසෙකින් - ඇමති ජෝන්
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජෝන් අමරතුංග සඳහන් කර සිටින්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවත් මාසයකට පමණ පසුව සිදුවනු ඇති බවය.
ඒ පිළිබඳ අවසන් තීරණය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලබන බවද අමාත්‍යවරයා පවසා ඇත.
අපේක්ෂකයා රනිල් : කළබල නැතුව බලාගෙන ඉන්න
මේ අතර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ප්‍රබලයකු සඳහන් කර සිටින්නේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම ස්ථිර බවය.
ඊට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සූදානම් බවත් එබැවින් කවුරු කළබලවී විවිධ නම් යෝජනා කර සිටියත් පක්ෂ අභ්‍යන්තරය ඒ ගැන දැනුවත් බවද ඔහු පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ජන්ද ඉතා තීරණාත්මක වන බවත් සිංහල දමිල මුස්ලීම් ජනතාව ආකාර්ශනය කර ගැනීමට මෙන්ම විශ්වාසයක් තැබිය හැකි ජාතික නායකත්වයට රනිල් වික්‍රමසිංහ තරම් සුදුස්සෙකු තමන්ද නොදකින බවත් ඔහු සඳහන් කළේය.

