සිරිසේන - මහින්ද රහස් හමුවක් !

සිරිසේන - මහින්ද රහස් හමුවක් !

ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර තීරණාත්මක හමුවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත අතර ඒ සදහා දෙපාර්ශවයේ වෙනත් කිසිවෙකු සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට පසුගියදා අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතීම සඳහා මෙම නායකයන් දෙදෙනා පැවැත්වූ දුරකතන සංවාදයකදී සාකච්ඡාව සඳහා එකඟත්වයකට පැමිණ ඇත.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ විශේෂයෙන් ශ්‍රී.ල.නි.ප.- පොහොට්ටු ඒකාබද්ධ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ කරුණ ගැන මූලික අදහස් හුවමාරුවක්ද මෙම හමුවේදී සිදුවනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

එසේම මෙහිදී ගනු ලබන තීරණ හමුවෙන් අනතුරැව එම නායකයන් විසින් සිය පක්ෂ වෙත වාර්තා කරනු ඇතැයිද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න