රටම දිනන අපේක්ෂකයා එජාපයෙන් : මංගල මාතරදී හෙළිකරයි !

රටම දිනන අපේක්ෂකයා එජාපයෙන් : මංගල මාතරදී හෙළිකරයි !

බොහෝ අපහසුවෙන් පිහිටුවාගත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව කාටවත් ලෙහෙසියෙන් පහසුවෙන් පෙරළීමට ඉඩ නොදෙන බවත් මේ වසර අවසානයේ චන්ද්‍රිකා ජනාධිපතිනියගෙන් පසුව ලබන විශිෂ්ටම ජයග්‍රහණය එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂකයා ලබන බවට තමන් සහතික වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30ක් සැපිරීම නිමිත්තෙන් මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පසුගිය අප්‍රේල් 12 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ කාමරයක දියත්වූ බව කියන ආණ්ඩු පෙරළි සාකච්ඡාව සම්බන්ධවය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර සඳහන්කර සිටියේ තමන් අප්‍රේල් 12 වනදා ලංකාවේද නොසිටි බවය.

එසේම දින 52 කුමන්ත්‍රණය දියත්වූ අවස්ථාවේ කොතරම් බලගතු අය කුමන්ත්‍රණයෙන් බලය ගන්න හැදුවත් ඊට එරෙහිව සෘජුව කටයුතු කළ අයෙකු ලෙස තමන් දැඩිව කියන්නේ කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරළීමට ඉඩනොදෙන බව යැයිද අමාත්‍යවරයා පැවසීය.

මේ වසර අග ජනාධිපතිවරණය පැවැත්වෙන අතර එහිදී වසර 24 කට පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට කටයුතු කරන බවත් ඒ ලබන ජයග්‍රහණය එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ලැබූ ජයට නොදෙවෙනි වනු ඇති බව තම විශ්වාසය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අප්‍රේල් 12 කටකතාව සම්බන්ධයෙන්ද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූ අතර එදින තමන් අවම වශයෙන් ලංකාවේ නොසිටි බව අවධාරණය කල අතර නමුත් හිල්ටන් හෝටලයේ පමණක් නොව ගමේ කඩපිලේ පවා මේ වන විට කතා වන්නේ ජනාධිපතිවරණය සහ අපේක්ෂකයා ගැන බවත් පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේද ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධව කතිකාවක් ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් වන බවත්ය. එසේම එවැනි ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් තිබෙන ලංකාවේ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් සිහිපත් කල අමාත්‍යවරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තවත් වසර ගණනාවකට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකර ගැනීම ස්ථිර බවත් අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න