සජිත් අගමැති කරන්න මංගල කුමන්ත්‍රණයක ?

සජිත් අගමැති කරන්න මංගල කුමන්ත්‍රණයක ?

අමාත්‍ය සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සදහා පසුගිය 12 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේ කුමන්ත්‍රණයක් දියත් වූ බවත් ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධ බව සදහන් මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.

ඒ බව සදහන් ෆේස් බුක් පෝස්ටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහෝදර ශාන් වික්‍රමසිංහගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ විසින් ද සිය ෆේස් බුක් ගිනුමේ සදහන් කර ඇත.

අප්‍රේල් 12 වෙනිදා හිල්ටන් හෝටලයේ මහා කුමන්ත්‍රණයක් ලෙස එය නම් කර තිබේ.

අදාල ෆේස්බුක් ජයාරුපයට අමාත්‍ය මංගල සමරවීර හාස්‍යයෙන් පිළිතුරු ලබා දී තිබෙනා අතර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කර ඇත්තේ අමාත්‍යවරයා අදාළ 12 දින මෙරට නොසිටි බවය.

කෙසේ වෙතත් අදාළ බරපතල චෝදනාව එල්ල කරනා ඉෂිනි වික්‍රමසිංහ කලක් සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස ද කටයුතු කල අතර වර්තමානයේ ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රචාරක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න