බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඒ අනුව එය ආණ්ඩුකාර පාලනයකට යටත් කිරීමට නියමිතව ඇත.
මේ සමඟ පළාත් සභා 07ක ධුර කාලය අවසන්ව තිබේ.
පසුගිය පස්වනදා දකුණු පළාත් සභාවේ ධුර කාලයද අවසන් වු අතර එළඹෙන ඔක්තෝබර් 08 වනදා ඌව පළාත් සභාවේ ධුර කාලය අවසන් වීමට නියමිතය.
මේ අතර දකුණු සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයන්ගේ වෙනසක් සිදුවීමට නියමිතව ඇති බවටද ප්‍රවෘත්ති පළවෙමින් ඇත. ඊට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා පත්කිරීමට නියමිතව ඇත.

