එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් එළඹෙන සඳුදා පැවැත්විමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන සඳුදා පස්වරු 2.00ට එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොත මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් වාර්තා වෙයි.
මේ ආකාරයට පක්ෂයේ ආසන සංවිධායකයින් කැඳවා ඇත්තේ මැයි දින සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බවත් දැනගන්නට ඇත.

