වෙල්ගමගෙන් රාජපක්ෂ පවුලට දැඩි විවේචනයක් !

වෙල්ගමගෙන් රාජපක්ෂ පවුලට දැඩි විවේචනයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි.

‘දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ. එංගලන්ත රජ පවුල ද මේ තියෙන්නේ.

ජනාධිපති මැතිවරණය කොට්ඨාස මැතිවරණයක් නෙමෙයි. ජනාධිපතිවරණයෙන් මුළු ලංකාවම එක ඡන්ද කොට්ඨාශයක් වෙනවා.

අපට තිබෙන බහුතරයෙන් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න බෑ’ යයිද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තමන් මෙරට විධායක ජනාධිපතිවරයා වුවහොත් විධායක ජනාධිපතිධුරය මාස හයක් ඇතුළත අහෝසි කරන බව ද වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න