දිවයිනේ ස්ථාන 06ක අද (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් මේ වන විට අහිමිව තිබෙන ජීවිත සංඛ්‍යාව 138ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.
තවද වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් ඔහු සඳහන් කරයි.
එසේම බෝම්බ පිපුරුණු ස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙසත් එම ස්ථාන වල ජනතාව රැස්වීම විමර්ශන කටයුතු වලට බාධාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ගුවන් තොටුපළ කටයුතුවල වෙනසක් !
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව අද (21)උදෑසන 10.00 සිට තර කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටියි.
අද උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟම මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසෙවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර, එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා ඇති බවද දැනගන්නට ඇත.
තවද එහි ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ආරක්‍ෂිත පියවරයන්ට සහය ලබාදීම සඳහා ගුවන් ගමන් පහසුකම් අපේක්ෂා කරන ගුවන් මගීන් හෝරා කිහිපයකට පෙර ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත පැමිණෙන ලෙසය.
එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා ද වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස්, ගුවන්, යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයිද දැනගන්නට ඇත.
බස් රථවල පාර්සල් ප්‍රවාහනය නවතයි !
එමෙන්ම නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික බස් රථවල පාර්සල් ප්‍රවාහනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කර ඇත.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු කිසිදු පාර්සලයක් බස් රථවල රැගෙන යාමෙන් වළකින ලෙස සියලු බස් රථ සේවකයින්ට දැනුම් දී ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න පවසයි.
තමන් සතු බෑගයක් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පමණක් බස් රථවල රැගෙන යා හැකි බවත් ඔහු පවසයි.
අනවශ්‍ය ගමන් එපා - බස් මගී සංගමය
රටේ මතුව තිබෙන තත්ත්වය හමුවේ ගමනා ගමනයේ යෙදෙන මගී ජනතාව ආරක්ෂාව සම්බන්ධව සැළකිලිමත් වන ලෙස සමස්ථ ලංකා බස් මගී සංගමය අවධාරණය කරයි.
එසේම අත්‍යාවශ්‍ය නොවන ගමන් වල නොයෙදී නිවෙස් වලටවී සිටීමට හැකි නම් ඒ වැදගත් බවත් බස් මගී සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර බෝම්ම පිපිරීම් සිදුවූ ප්‍රදේශ නැරඹීමට යාමෙන් වළකින ලෙසත් හැකි ඉක්මනින් තම ගමනාන්ත වෙත යන ලෙසද එහි දැක්වේ.
එසේම ආරක්ෂක කටයුතු වල නිරත ආරක්ෂක අංශ වෙත එම කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
හෙට සහ අනිද්දා දිවයිනේ සියලුම පාසල් වසා දැමේ
මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට සහ අනින්දා දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

