අද(21) පාස්කු ඉරිදා උදැසන වාර්තා වූ ඉතාම කනගාටු දායක සිදුවීම් පෙළ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු හැටියට හෙළාදකින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටින අතර එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.
මෙය 2015 සිට ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය යන රට ගොඩනැඟු කුළුණු තුනට එල්ල කළ මරු පහරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් ද ඉලක්කවීමෙන් පෙනි යන්නේ රට ආර්ථික වශයෙන්ද බිඳවැට්ටවීමේ ප්‍රයත්නයක් තිබෙනබවයි.
මේ මොහොතේ පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මල මීනි සොයමින් යන ජාතිවාදී දේශපාලනය නොවැරටෙන ලෙස සියලු ශ්‍රී ලංකීකජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.
මෙම තත්ත්වය තවත් ජාතිවාදි ආගම් වාදී මර උගුල් විය හැකි බැවින් අපි හැමෝම හැඟිම්බර නොවි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. සමාජ මාධ්‍ය ඡාලඔස්සේ ඝාතනය වූ සහ තුවාල වූ ජනතාවගේ ඡායාරූප සහ වීඩීයෝ බෙදා හරින්න එපා. ඒ වගේම ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය වඩාත් වගකීම් සහගතවවැඩ කළ යුතුබව මම අවධාරණය කරනවා. රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු යයි හැඟෙන ව්‍යජ ලිපි ලේඛන සමාජයට මුදාහරින්න එපා.
ශ්‍රී ලංකීකයන් හැටියට වැඩි වැඩියෙන් එකමුතු වී ශක්තිමත්ව මෙම තත්වයට මුහුණ දෙමු. කිසිඳු ජන කොටසක ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් නොහැසිරීමට වගබලා ගමු.

