'මහින්දගේ ආණ්ඩුව තිබුන නම් රට තනිවෙනවා' - මංගල

'මහින්දගේ ආණ්ඩුව තිබුන නම් රට තනිවෙනවා' - මංගල

පසුගිය ඔක්තෝම්බර් මස 26 දා සිදුකල කුමන්ත්‍රණ ආණ්ඩුව පැවතියේ නම් මේවනවිට මුළු රටම අනාත වීමට ඉඩතිබු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවති සාකච්ජාවක දී ඇමතිවරයා එබව සඳහන් කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා (21) ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් ලෝකයේ සියලුම රටවලින් පාහේ මේවනවිට ශ්‍රී ලංකාව සහය පලවී ඇතැයි ඇමතිවරයා එහිදී පවසා ඇත්තේ, දවස් 53 ආණ්ඩුවට කිසිඳු රටකින් අඩුම තරමින් ස්තුති පණිවිඩයක්වත් නොලැබුන බව පෙන්වා දෙමිනි.

යහපාලන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රථිපල විග්‍රහ කරමින් ඔහු එම කාරණය පැහැදිලි කර ඇත.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේ, පසුගිය ඉරිදා මෙරට තුළ සිදු වූ ඛේදවාදකය ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් බැවින් ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට පියවර ගන්නා බවයි.

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත ඛේදවාදකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න