දයා ආරක්ෂක ලේකම් කරනවාද : සිරිසේන තීන්දුවක් ගෙන නෑ !

දයා ආරක්ෂක ලේකම් කරනවාද : සිරිසේන තීන්දුවක් ගෙන නෑ !

හිටපු යුද හමුදාපති දයා රත්නායක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවූවත් ජනාධිපති සිරිසේන මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට හිටපු යුද හමුදාපති දයා රත්නායක සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ගේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය සදහා යෝජනාවී ඇත.

මට දන්වා නෑ - දයා රත්නායක

මේ අතර මාධ්‍ය සිදුකළ විමසීමකදී ප්‍රතිචාර දක්වමින් හිටපු යුද හමුදාපති දයා රත්නායක පවසා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය හෝ වෙනත් ආරක්ෂක අංශ ඉහළ තනතුරක් සදහා තමන්ට කිසිදු ආරාධනයක් ලැබී නොමැති බවය.

 ජාතිය අමතා කල ප්‍රකාශය !

කෙසේ වුවත් පසුගිය 23 ජනාධිපති සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්‍ පවසා සිටියේ පැය 24ක් ඉක්මයන්නට පෙර ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බවය.

එහෙත් මේ වන විට එම පැය 24 ඉක්මගොස් අවසන්ව ඇති අතර ආරක්ෂක ප්‍රධානීන්ගේද කිසිදු වෙනසක් සිදුකර නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න