Language Switcher

V2025

ඩ්‍රෝන යානා තහනම් !

ශ‍්‍රී ලංකාව තුල කිසිදු ඩ්‍රෝන යානාවක් හෝ නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති අතර ඒ රට තුළ මතුව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙනි.

අධිකාරිය පවසන්නේ යලි දැනුම් දෙන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි.

 ඒ අනුව මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.