පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා ආණ්ඩුවේ කිසිඳු මුස්ලිම් ඇමතිවරයකු සම්බන්ධවී ඇති බවට එම ප්‍රහාරය පිළිබඳව මෙතෙක් සිදුකල විමර්ශන වලින් අනාවරණය වී නැතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අවධාරණය කර සිටියේය.
මෙම ප්‍රහාරයට සහභාගී මරාගෙන මැරෙන පුද්ගලයින්ට ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහය ලැබී ඇතැයි සමාජ මාධ්‍යවල පලවන වාර්තා සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කළ විමසීමකදී ඔහු එබව කියා සිටියේය.
කෙසේවුවද ඇතැම් මුස්ලිම් මැති ඇමතිවරුන් පසුගිය කාලයේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකර ඇති ඇතැම් ප්‍රකාශ මෙවැනි අන්තවාදීන්ගේ කටයුතු වලට වක්‍ර අකාරයෙන් උදව් වී ඇති බව සඳහන් කළ එම නිලධාරියා, සියලු දේශපාලන පක්ෂ එම කාරණය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.

