වැඩබලන පොලිස්පති D. C . වික්‍රමරත්න

වැඩබලන පොලිස්පති D. C . වික්‍රමරත්න

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න පත්කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මෙම පත්කිරීම අද (29) සිදුව ඇති අතර ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේද සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගන්නට නොහැකි වූයේ පොලිස්පති සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හරිහැටි රාජකාරිය නිසි ලෙස ඉටුනොකළ නිසා බවට ජනාධිපති සිරිසේන අවස්ථා කිහිපයකදීම චෝදනා කර සිටියේය. එසේම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවද ජනාධිපති සිරිසේන දන්වා තිබිණ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වූ නමුත් පොලිස්පති පූජිත ජයසුන්දර ඉල්ලා අස්වූයේ නැත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පොලිස්පති පූජිත ජයසුන්දර අනිවාර්ය නිවාඩු ගන්වමින් සී.ඩී . වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීමේ වැඩි ඉඩක් පවතින බවය.

එසේම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පත් කර ඇති බවත් වාර්තා වන අතර ඔහුද අද (29) ජනාධිපති සිරිසේන අතින් පත්වීම ලබාගෙන ඇත.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න