බුර්කා තහනමට රනිල් - මංගල විරුද්ධ වුනාද : තලතා කරුණු දක්වයි !

බුර්කා තහනමට රනිල් - මංගල විරුද්ධ වුනාද : තලතා කරුණු දක්වයි !

බුර්කා තහනම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විරුද්ධවූ බවට පළවන අසත්‍ය පුවත පිළිබඳ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.

එම නිවේදනය පහත දැක්වෙයි.

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ අසත්‍ය කාරණයක් ඉදිරිපත් කරමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාටත් විවිධ විවේචන සිදු කරමින් පවතියි.

මේ යෝජනාව සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් නොකළ බවත් මේ පිළිබදව මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් පමණක් සිදු කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න