බුකියේ අත්අඩංගුවකට පත්වූ රිෂාඩ්ගේ ලේකම්වරුන් අමාත්‍යාංශයේ වැඩ !

බුකියේ අත්අඩංගුවකට පත්වූ රිෂාඩ්ගේ ලේකම්වරුන් අමාත්‍යාංශයේ වැඩ !

කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති පුවත සාවද්‍ය බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි කිහිපයක මෙම පුවත පළව තිබූ අතර ඒ සම්බන්ධව අප කළ විමසුමකදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ කාර්‍ය මණ්ඩල නිලධාරීයකු මේ බව පැවසීය.

ඔහු සදහන් කර සිටියේ බදියුදීන් අමාත්‍යවරයාට ඉර්ෂාඩ් රහ්මතුල්ලා, මොහොමඩ් නලීම් නමින් සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් දෙදෙනාම අද (30) දිනයේත් අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරමින් සිටින බවය.

පසුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට හැකිවූ අතර එහිදී අමාත්‍යවරයා සදහන් කර සිටියේ තමන් තව්හිද් ජමාත් සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවය. එසේම එහි නායකයා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වන සහරාන් හාෂිම් සමග ද තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් කිසිදු අවස්ථාවක ඔහු හමුවීවත් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

ත්‍රස්තවාදීන් සුළුතරය නැති කළ යුතුයි !

ත්‍රස්තවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන මනුෂ්‍යත්වයට නිගාදෙන්නක් බවත් එබැවින් එය වහාම මර්දනය කළ යුතු බව තම අදහස බවත් අමාත්‍යවරයා පවසයි. මේ වන විටත් මුස්ලීම් ප්‍රජාව ආරක්ෂක අංශ වලට මනා සහයක් ලබාදෙන බවත් මනස විකෘති කරගත් සුළු දෙනෙකු හැර සමස්ථ මුස්ලීම් ප්‍රජාව සාමයට ලැදි බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

හෙල්මට් , අංක තහඩු අනිවාර්ය කිරීමට පක්ෂයි !

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පවසා සිටියේ යතුරු පැදි ධාවනය කිරීමේදී ආරක්ෂක හිස් වැසුම් පැළදීම, යතුරු පැදි වල අංක තහඩු අනිවාර්ය කිරීම ඇතුළු රටේ නීතියට ගැනෙන කිසිවක් සදහා තමන් විරුද්ධ නොවන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න