හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව සඳහන් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකු වෙත ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන සමයේ වැටුප් ගෙවා තිබෙන බවට මේ වනවිට වාර්තා වී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී අද සවස (30දා) මාධ්‍ය හමුවක් අමතමින්ය.
මෙම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ හිටපු මේජර් ජෙනරාල්වරයෙකු බවත් සදහන් කල අමාත්‍යවරයා මෙම සංවිධානය මෙන්ම අන්තවාදී සංවිධාන කිහිපයක් සම්බන්ධිකරණය කරමින් බුද්ධි අංශ කියා වැටුප් ගෙවා ඇති බවත් ඊට ගෝඨාභය සම්බන්ධ බවත් පැවසීය.
එසේම මඩකළපුව පොලිස් මුරපොළකදී නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සහය ලබාදුන් විශ්‍රාමික හමුදා නිලධාරීන් සිව් දෙනෙකු සම්බන්ධවද ආරක්ෂක අංශ විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳ මසක කාලයක් ගතවීමට ප්‍රථම සම්පූර්ණ තොරතුරු රටට හෙළි කරන බවද ඔහු එහිදී පැවසීය.

