පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ සියලුම සබඳතා අණාවරණය කර ගැනීමට හැකිවූ බවත් එම කණ්ඩායම මේ වන විට දුර්වල කිරිමට හැකිවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
අද (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
“සියලුම ආගමික ස්ථාවලට උපරිම ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. ත්‍රස්තවාදී කණ්ඩයමේ සියලුම සම්බන්ධතා අණාවරණය කරගෙන තිබෙනවා. කණ්ඩායම මේ වන විට විශාල වශයෙන් දුර්වල කිරිමට හැකියාව ලැබි තිබෙනවා.
මැයි 6 වැනිදා පාසල් ආරම්භ කිරිමට පූර්ණ ආරක්ෂාව ලබාදෙනවාපාසල් අවට වාහන නතර කරන්න එපා. සැකකටයුතු වාහන පිළිබඳ ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබුණොත් පූර්ණ පරීක්ෂාවක් කරනවා.
තමන්ගේ දෛනික කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යන්න.අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා.නිල වශයෙන් ලබාදෙන තොරතුරු මත පමණක් විශ්වාසය තබන්න. අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්න”

