2018 A/Lවිභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

2018 A/Lවිභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ නැවත සමීක්ෂණය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස සිය විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

2018 උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 68,009 දෙනෙකු නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ඇත.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් ඇත්නම් නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 0112 784 208 යන දුරකතන අංක අමතා තොරතුරු ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න