විස්සයි20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව සටන අද: අපරාජිත දකුණු අප්‍රිකාව නවසීලන්තය සමග ගැටෙයි

විස්සයි20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව සටන අද: අපරාජිත දකුණු අප්‍රිකාව නවසීලන්තය සමග ගැටෙයි

මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටය අද (04) ආරම්භ වන අතර, එහි පළමු තරගය සඳහා ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සූදානමින් සිටී.

ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

දකුණු අප්‍රිකාවේ අපරාජිත ගමන
මෙවර තරගාවලියේ වඩාත්ම ස්ථාවර දක්ෂතා දැක්වූ කණ්ඩායම බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකාවයි.

ඔවුන්ගේ ගමන් මග මෙසේය:

මූලික වටය: 'D' කාණ්ඩයෙන් තරග වැදුණු ඔවුන් සහභාගි වූ තරග 4ම ජය ගනිමින් අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට පිවිසියේය.

සුපිරි 8 වටය: එහිදීද සිය ජයග්‍රාහී රිද්මය පවත්වා ගත් ඔවුන්, පළමු කාණ්ඩයේ සහභාගි වූ තරග 3ම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

සුවිශේෂත්වය: මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි එකම අපරාජිත කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාවයි.

නවසීලන්තයේ අභියෝගය

නවසීලන්ත කණ්ඩායමද මූලික වටයේදී දකුණු අප්‍රිකාව සමග 'D' කාණ්ඩයෙන්ම තරග වැදුණු අතර, එහිදී ඔවුන් තරග 4න් 3ක් ජය ගනිමින් ඉදිරියට පැමිණියේය. සුපිරි 8 දෙනාගේ වටයේ දෙවන කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය, එහිදී එක් තරගයක් පමණක් ජය ගත්තද පාකිස්තානයට වඩා වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

දෙවන අවසන් පූර්ව තරගය

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (05) රාත්‍රී 7.00 ට මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය එකිනෙකා හමුවීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න