බුද්ධි අංශ දුර්වල කතාව පල් බොරුවක් : මෙන්න සාක්ෂි !

බුද්ධි අංශ දුර්වල කතාව පල් බොරුවක් : මෙන්න සාක්ෂි !

රාජ්‍ය බුද්ධි අංශ අකර්මණ්‍ය බවට පළකරමින් තිබෙන ප්‍රචාර මුළුමනින්ම සාවද්‍ය බව ආරක්ෂක විශ්ලේෂකයන් අවධාරණය කරයි.

පසුගිය වසර 4 කට ආසන්න කාලය තුළ බුද්ධි අංශ නිකුත්කල වාර්තා සැලකිල්ලට ගෙන ඔවුන් මේ බව අවධාරණය කර සිටියි.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකමක් බව තහවුරු වී ඇති පසුබිමේ, එවැනි ක්‍රියාවක් සිදුවීමට පෙර නියමිත තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා බුද්ධි අංශ සාමාජිකයන් සමත්ව ඇති බවත් ඒ වෘත්තීය භාවය සම්බන්ධව පවා ඇතැම් අවස්ථාවාදී දේශපාලකයන් සංවේදී නොවී සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නම් බුද්ධි අංශ අඩපණ කිරීමට සේවය සලසන ක්‍රියාවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

දේශපාලකයන්ගේ බැරි කම සහ අපරීක්ෂාකාරී හැසිරීම

දේශපාලන තන්ත්‍රයේ තිබෙන නොහැකියාව සහ අපරික්ෂාරී බව වසා ගැනීම වෙනුවෙන් මේ ආකාරයට ජාතික ආරක්ෂාව සම්බන්ධව අතිශය වැදගත් සේවයක් සපයන බුද්ධි සේවා දුර්වල බව පැවසීම නින්දිත ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධව දේශපාලනය කරන උදවිය ලැජ්ජා වියයුතු බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටියි.

චෝදනා ලබා අත්අඩංගුවේ පසුවන්නේ බුද්ධි අංශ සාමාජිකයන් 25ක් විතර.. ඒත් බුද්ධි අංශ සාමාජිකයන් 12000ක් රාජකාරියේ ඉන්නවා - ජනාධිපති නීතිඥ වැලිඅමුණ

weliamuna

මේ අතර ඊයේ (29) කොළඹ BMICH හි පැවති අනිද්දා පුවත්පතේ සංවත්සර සභාව අමතමින් ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණද අවධාරණය කර සිටියේ මෙරට බුද්ධි අංශවල කිසිදු බිඳවැටීමක් සිදුව නොමැති බවය.

මෙරට බුද්ධි අංශ සේවා වල 12000 කට අධික පිරිසක් නිල වශයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසූ අතර එයින් රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධී කටයුතු වලට යොදවා ගැනීම හේතුවෙන් චෝදනා ලබා සිටින්නේ 25 දෙනෙකු පමණ පිරිසක් බවත් පැවසීය.

රාජකාරිය කරාට කිසිම බුද්ධි අංශ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන නෑ - මුදල් අමාත්‍ය මංගල

mangala 7 1000px

පසුගිය අප්‍රේල් 26 වනදා මුදල් අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතින් ද මේ සම්බන්ධව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබිණ.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූයේ බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබීම නිසාදැයි විමසමින්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ රාජකාරිය කිරීම නිසා කිසිදු බුද්ධි අංශ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමට මේ රජය කටයුතු කර නොමැති බවය.

එසේම රාජපක්ෂ පාලන සමයේ අපරාධ සදහා සම්බන්ධවූ බවට චෝදනා ඇති කිහිපදෙනකු පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අපරාධයක් සිදුකළ අයෙකු බුද්ධි අංශ සාමාජිකයකු වීම නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් නොවන බව තම ස්ථාවරය බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

බුද්ධි අංශ ගැන සාවද්‍ය පුවත තල දෙකක නිර්මාණයක් - ආරක්ෂක විශ්ලේෂකයන්

මේ සම්බන්ධව සිදුකළ විමසීමකදී ආරක්ෂක විශ්ලේෂකයන් අවධාරණය කර සිටියේ බුද්ධි අංශ දුර්වල බවට ගෙන යන සාවද්‍ය ප්‍රකාශය තල දෙකක් ඔස්සේ නිර්මාණය කර තිබෙන බවය.

ඉන් එක් තලයක් දේශපාලන තන්ත්‍රය සිය අඩුපාඩුව වසා ගැනීම වෙනුවෙන් මේ සාවද්‍ය ප්‍රකාශය පතුරුවමින් සිටියි.
දෙවන තලය වන්නේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් යොදවා සිදුකර ඇති නීති විරෝධී අපරාධ සුජාත කිරීමට මේ සාවද්‍ය පුවත ප්‍රචාරය කරමින් තිබීමය.

සිදුවීම් හුදෙකලා නොකර විශ්ලේෂණය කර බලන්න

ඒ අනුව ආරක්ෂක විශ්ලේෂකයන් විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධව අවධානය යොමුකළ යුතු බවත් පෙන්වා දෙයි.

එනම්,

1- ප්‍රහාරය ගැන සවිස්තරාත්මක වාර්තාවක් බුද්ධි අංශ විසින් අදාල බලධාරීන්ට ලබාදී තිබිය දී බුද්ධි අංශ අසාර්ථක යයි කියන්නේ කෙසේද ?

2- ප්‍රහාරය සිදුවී පැය කිහිපයක් තුළ දී ත්‍රස්ත කල්ලි ජාලය හඹා යමින් ප්‍රබල ත්‍රස්තයින් පිරිස වහා වහාම අත්අඩංගුවට ගෙන තත්වය පාලනය කිරීමට හැකි වුයේ බුද්ධි අංශ විසින් ඒ පිළිබඳව පසුගිය සමයේ ලබාදී තිබු පුර්ව තොරතුරු මත නොවේනම් හදිසියේ තොරතුරු ලැබුණේ කෙසේද ?

3- රාජ්‍ය බුද්ධි සේවය (ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින ජාතික බුද්ධි අංශය ( ප්‍රධානියා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස්) හා ත්‍රීවිධ හමුදා යටතේ පවතින බුද්ධි අංශ ආදී වශයෙන් රජයේ බුද්ධි සේවයට අනුයුක්ත සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 12,000කට අධිකය. ඔවුන් සිදුකරන රාජකාරියක් නැද්ද ?

4- බුද්ධි අංශ කියා සිටියේ රාජපක්ෂ පාලන සමයේ අපරාධ චෝදනා ලබා සිටින කිහිපදෙනා පමණද ?

5- රාජපක්ෂ පාලන සමයේ කප්පම් ලබාගැනීමට සිදුකල පැහැරගෙන යාම්, පහරදීම්, අතුරුදන් කිරීම් හා මිනීමැරුම් ආදී වන නිල නොවන අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 25දෙනෙකු තරම් සුළු පිරිසකට පමණි.

මොවුන් සියලු දෙනා ම පාහේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සුවච කීකරු ගෝලයින් බව තහවුරුව තිබෙන පසුබිම තේරුම් ගත යුත්තේ කෙසේද ?

6- පාස්කු බෝම්බ ඛේදවාචකය උපයෝගිකර ගනිමින් තමන්ගේ මැර කණ්ඩායම් බේරා ගැනීමට රාජපක්ෂවරුන් උත්සාහ කරන අතර ඒ සදහා පූජ්‍ය පක්ෂය පවා අවභාවිත කරමින් තිබීම.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න