රාජපක්ෂලා ප්‍රහාරය ගැන දැනසිටි බවට තවත් සාක්ෂියක් !

රාජපක්ෂලා ප්‍රහාරය ගැන දැනසිටි බවට තවත් සාක්ෂියක් !

පාස්කු ඉරිදා (21) බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් හොඳින් දැන සිටිබව තහවුරුවන තොරතුරු මේවනවිට දිගින් දිගටම වාර්තා වෙමින් තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවති දා,
හිටපු දේශපාලන ප්‍රබලයකු ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සමග සතුටු සාමිචියේ දී සිටින ස්ථානයට පැමිණ ඇති ඒකාබද්ධ විපක්ෂයේ නොවන විපක්ෂයේ වෙනත් පක්ෂයක මන්ත්‍රීවරයකු තමාට හිටපු ප්‍රබලයා තනිවම හමුවීමට අවශ්‍ය බවට ඉඟි කර තිබේ.

ඒ අනුව හිටපු ප්‍රබලයා අනෙක් මන්ත්‍රීවරුන් ගෙන් මදකට ඉවත්වී එම මන්ත්‍රීවරයා සමග අත්වැල් පටලවා ගනිමින් ඉතා සුහඳ ආකාරයෙන් විනාඩි කිහිපයක් කතාබහ කර පෙරලා පැමිණ තිබේ.

අනතුරුව එම මන්ත්‍රීවරයා පැවසුයේ කුමක්දැයි ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් හිටපු ප්‍රබලයා ගෙන් විමසු අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ, ''මම බෝම්මේ ගැන ඔත්තුව දීපු එකට මිනිහා මට ස්තුති කළා..නැත්නම් මිනිහා බෝම්බෙට අහුවෙනවා '' කියාය.

ඉහත කාරණය නම් ගම් සහිතව ඇතැම් මාධ්‍යවල පලවී ඇතත් අදාල හිටපු දේශපාලන බලවතා මේ දක්වා ඊට කිසිඳු ආකාරයකින් ප්‍රතිචාර දක්වා නොමැති නමුත්, ස්තුති කළා යයි සඳහන් මන්ත්‍රීවරයා විදෙස්හි සිට ප්‍රකාශයට පත් කෙරෙන වෙබ් අඩවියක කතුවරයකුට පවසා ඇත්තේ තමාට අදාල පුවත අසත්‍යය බවයි.

කෙසේවුවද ප්‍රසිද්ධ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් එම සිද්ධිය වාර්තා කර ඇත්තේ මෙසේය.

59485481 10156158632986016 8437888020962607104 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න