පාතාල කල්ලි නායකයකු වන මාකදුරේ මධූෂ් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගැනීමත් සමග දකුණු පළාත් දේශපාලනය කැළඹී ඇති බව වාර්තා වෙයි.
ව්‍යාජ ගුවන් බලපත්‍රයක් සකස්කරදීම, පාතාල සහය ගැනීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව දකුණු පළාත් මන්ත්‍රීවරුන් සහ මාකදුරේ මධූෂ් අතර සම්බන්ධතා පැවතීම මේ දේශපාලන කැළඹීමට හේතු වී තිබේ.
එසේම මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම ආරක්ෂක අංශ සාමාජිකයන් අමතා මධූෂ්ගේ විමර්ශන සම්බන්ධව විමසා ඇති බවත් වාර්තා වෙයි.
මීට පෙර මාකදුරේ මධූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ බවට මන්ත්‍රීවරුන් කිහිපදෙනකුටම චෝදනා එල්ල විය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටියේ ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපාරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රඳවා තබාගෙන විමර්ශන කරන බවය.
එසේම ඔහු ව්‍යාජ ලෙස ගුවන් බලපත්‍රයක් භාවිත කරමින් 2015 වසරේ ජුනි 2දා ලංකාවෙන් පිටත්ව ඇති බවත් එහිදි ව්‍යාජ ලෙස වර්ණකුලසූරිය අජිත් අරංග යන භාවිත කර ඇති බවත් ඔහු පැවැසීය.
එම ගුවන් බලපත්‍රයට 241/A ජා ඇලපාර, ගම්පහ යන ලිපිනය භාවිත කර ඇති බවත් එහි සඳහන් උපන්දිනද වැරදි බවත් ඔහු සඳහන් කළේය.
මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන්, ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස්කිරීම හා විදෙස් ගතවීම,
2017/5/9 පිළියන්දළදී වෙඩි තබා පොලිස් නිලධාරියෙක් හා කුඩා දැරියක් ඝාතනය කිරීම හා තවත් පිරිසකට බරපතල තුවාල සිදුකිරීම,
2017/12/27 කලුතර බන්ධනාගාර බස්රථයකට වොඩි තබා නිලධාරීන් 2ක් හා රැඳවියන් 5ක් ඝාතනය කිරීම,
2018/03/8 කොස් මල්ලි ඝාතනය කිරිම හා ඔහුගේ හිස හා කඳ කොටස වෙන් කිරීම,
2006/6/11 ඩැනී හිත්තැඩටිය ඝානනය හා තවත් කොල්ල කෑම් හා ඝාතන කිහිපයක් පිළිබඳව විමර්ශන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
විදේශගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම යනාදී කරුණු කිහිපයක් පිළිබඳව විමර්ශන කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

