පාස්කු ඉරිදා ලංකාවේ සිදුකළ ප්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශ පස් වතාවක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති බව හින්දුස්තාන් ටයිම්ස් අනාවරණය කරයි.
මැයි මස 04 වනදා ඔවුන් පළකර ඇති ආකාරයට අප්‍රේල් 4, 10, 16, 20 සහ 21 දා ප්‍රහාරය දිනයේ උදෑසන ප්‍රහාරයට පැය 2 කට පෙරත් මෙම දැනුම්දීම් සිදුකර ඇත.
ඉන්දීය බුද්ධි අංශ මේ ප්‍රහාරය සම්බන්ධව අවසන් අනතුරු ඇඟවීමේදී ප්‍රහාරයට ලක්වන කිතුනු දේවස්ථාන 3 නම් වශයෙන්ම සඳහන් කර ඇතැයිද හින්දුස්ථාන් පුවත් පත වාර්තා කරයි.
එසේම ප්‍රහාරයේ මහමොළකරු, ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම්ගේ දකුණු අත වන් ඔහුගේ මස්සිනා වන මව්ලානා රිලා සමග තවත් අයෙක් සෞදි අරාබියේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේද ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනුව බවත්ම ව්ලානා රිලා සෞදි අරාබියට ඇතුළු වී ඇත්තේ ෂහ්නාවාජ් යන ව්‍යාජ නමකින් බවත් එහි දැක්වෙයි.
සැකයි !
මේ අතර හින්දුස්තාන් ටයිම්ස් අනාවරණය ඇතුළු ආරක්ෂක දත්ත වාර්තා පදනම් කරගෙන ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉන්දීය බුද්ධි අංශ පස් වතාවක් දැන්වූ තොරතුරක් සම්බන්ධව නොතකා සිටීම බරපතල සැකසංකා මතුකරණ තත්ත්වයක් බවයි.
ඉන්දියාව, අසල්වැසි රට වීම, එහි ඔත්තු සේවා වල ප්‍රබලතාව, නිතර ලංකා දේශපාලනය ගැන උනන්දුවෙන් සිටීම, විශේෂයෙන් දමිළ මුස්ලීම් දේශපාලන ව්‍යාපාර , පක්ෂ සහ කණ්ඩායම් සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර සිටියි.
මේ කරුණු සරල වුවත් ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ සරල කරුණු දන්නා ඕන අයෙකු කිසියම් බුද්ධි තොරතුරක් පස් වතාවක් ලැබෙන තුරු ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග නොගැනීම සැකසහිත බවය.
විශේෂයෙන් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා මේ සම්බන්ධව සෘජුව ජනාධිපති සිරිසේන දැනුවත් කළාද යන්න සොයා බැලිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
මීගමුව බෝ වෙයිද ?
එසේම ආරක්ෂක අංශ කොතරම් විමර්ශන සිදුකරත් පොලිසිය නිවැරදිව මෙහෙයවීමේ ගැටළුවක් පවතින බවත් මීගමුව තුළ ඊයේ (05) සිදුවීම ඊට නිදර්ශන සපයන බවත් ආරක්ෂක විශ්ලේෂකයන් සදහන් කරයි.
පොලිසිය නිසි ලෙස මෙහෙයවීමට අසමත් වීම වත්මන් ආණ්ඩුවේ ආරම්භයේ සිට පැවති බවත් සුදුසු පාර්ශවයට අවස්ථාව නොදීම ඊට හේතුව බවත් ඔවුන් සදහන් කරයි.
තවද දෙදෙනෙකු අතර ඇති වන සුළු බහින්බස් වීමක් ජාතිවාදී ගැටුමක් ආසන්නයට පත්වීම අවධානම් බවත් එබැවින් එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සදහා කටයුතු යෙදීම අනිවාර්යයක් බවත් ඔවුන් පවසයි.

