යළිත් සුදුවෑන් සූදානම් : මහින්දගේ නිවේදනයෙන් එළියට පනියි !

යළිත් සුදුවෑන් සූදානම් : මහින්දගේ නිවේදනයෙන් එළියට පනියි !

ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රති - ත්‍රස්ත පනතට එරෙහිව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් නිකුත්කර ඇති නිවේදනය ඉතා බරපතල බවත් එය ඕනෑම අයෙකු පියවි සිහියෙන් කිහිපවිටක් කියවූවද වරදක් නැති බව දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

මෙසේ සදහන් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ යළිත් රාජපක්ෂ රෙජීම පාලනයක් මෙරට ඇතිවුවහොත් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකෘති මුළුමනින්ම හකුලා දැඩි ඒකාධිපති පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ සූදානමක් ඒ තුළ අන්තර්ගත බවය.

රාජපක්ෂ පාලනය මතකද ?

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඇති අත්දැකීම් මෙන්ම දින 52 දේශපාලන කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ අත්දැකීම් ඇසුරෙන් මෙය තේරුම් ගත යුතුව ඇති බවත් එසේ නොවුනහොත් මෙරට යළිත් දරුණු ඒකාධිපති පාලනයක් බිහිවීමේ අනතුරක් ඉස්මතු වියහැකි බවටත් දේශපාලන විචාරකයන් අනතුරු හගවයි.

ඊට නිදර්ශන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිකුත්කර ඇති නිවේදනයේ කොටස් කිහිපයක් දේශපාලන විචාරකයන් විසින් මෙසේ උපුටා දක්වයි.

චෝදනා නැතත් උස්සන්න පුළුවන් !

 කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රාජ්‍ය ආරක්‍ෂාවටත් අගතියක් සිදු නොකළ’ අයකු ප්‍රති-ත්‍රස්ත නීතියක් යටතේ අත්අඩංගුවට පත් වී උසාවියක චූදිතයෙකු බවටත් පත්විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැනනගී. ප්‍රායෝගිකව ගත්කළ ත්‍රස්තවාදී සැකකරුවෙකුට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය යටතේ නඩුවක් පවත්වාගෙන යාමට තරම් සාක්‍ෂි එකතු කිරීම දුෂ්කර කටයුත්තකි. බොහෝවිට සාක්‍ෂි එකතු කිරීමට බාධා වන්නේ එම ත්‍රස්තවාදය නිසාම රටේ පවතින තත්වයයි. යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඉන්පසු උසාවියක චෝදනා ගොනු කරනු ලැබූ පසුත් ඔහු ‘කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රටේ ආරක්‍ෂාවටත් අගතියක් නොකළ’ අයෙකු හැටියට සැලකෙන්නේ නම් එයට හේතුව ඔහුගේ ක්‍රියාකාරකම් ගැන උසාවියට පිළිගත හැකි සාක්‍ෂි සොයා ගැනීමේ අසීරුතාවය පමණි. ඔහු චෝදනා ලැබ සිටින අපරාධය ඔහු නොකලාය යන්න ඉන් හැඟෙන්නේ නැත.

කපන්න බැරි ඉත්තා අතුරුදහන් කිරීම !

 මේ අනුව දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ රාජපක්ෂ රෙජීම පාලනයක් ඇතිවුවහොත් අධිකරණය හමුවට නොපමුණුවා ත්‍රස්තවාදී ලේබලය යටතේ දඩුවම් කිරීමේ පැහැදිලි අවධානම ඉස්මතුව ඇති බවය. විශේෂයෙන් "රටේ ආරක්ෂාවටත් අගතියක් නොකළ, "කිසිවෙකුටවත් හානියක් නොකළ" අයෙකුට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව මර්දනයට ලක්කිරීමේ අවසරයක් මේ හරහා රාජපක්ෂරු අපේක්ෂා කර ඇති බවක් පෙන්නුම් කරන බවය.

 හේතුවක් නැතුව අත්අඩංගුවට !

 එමෙන්ම අත්අඩංගුවට ගැනීමට අදාල හේතු දැක්වීම අනවශ්‍ය බව, පැය 24ක් තුළ පොලිසියටත් පැය 48ක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීම, අත්අඩංගුවට ගැනීමට එන පාර්ශවයේ අනන්‍යතාව හෙළිදරව් කිරීම අනවශ්‍ය බව, අත්අඩංගුවට ගනුලැබූ පාර්ශව සම්බන්ධව මානව හිමිකම් කොමිසමට කරුණු දැක්වීම අනවශ්‍ය බව ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී, දරුණු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවධානමත් දේශපාලන විචාරකයන් විශේෂ කොට දක්වයි.

 ඔවුන් මෙය විග්‍රහ කරන්නේ ඕනෑම අයෙකු ත්‍රස්තවාදී ලේබලය යටතේ අධිකරණ ක්‍රියාමාර්ගයකට පරිභාහිරව කටයුතු කිරීමට සහ ඊට පෙරලා ජනතා සහය අපේක්ෂා කරන ස්වරූපයක් ඇතිව නිකුත්කල නිවේදනයක් ලෙසය.

 එබැවින් ජනතාව මේ සම්බන්ධව නිවැරැදි තක්සේරුවක් සිදුකළ යුතු බවත් එසේ නොවුණහොත් යළිත් සකස් කිරීමට දුෂ්කර වරදක් වියහැකි බවටත් දේශපාලන විචාරකයන් අනතුරු හගවයි.

 සුදුවෑන් ආයෙමත් එන්න සූදානම් !

 එසේම ඔවුන් පෙන්වා දෙන්නේ සුදුවෑන් පැහැරගෙන යාම්, චූදිතයෙකු නැති අධි ආරක්ෂිත කළාප තුළ පවා මහ දවාලේ සිදුවූ ඝාතන , විරුද්ධවාදීන් සදාකාලිකව අතුරුදහන් කිරීම් වැනි පැරණි ක්‍රියාවලිය යළිත් රාජපක්ෂ පාලන සමයක් තුළ ක්‍රියාත්මකවීමට වැඩි ඉඩක් පවතින බවය.

 මේ මොහොතේ පාස්කු ප්‍රහාරය නිසා කම්පනයට පත් ජනතාව මුලාකර දරුණු ඒකාධිපති පාලනයකට අවශ්‍ය ජනතා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් යෝජිත ප්‍රති - ත්‍රස්ත පනතට ඊනියා විරෝධය පෑමක් ලෙසත් දේශපාලන විචාරකයන් මෙය පෙන්වාදෙයි.

 ආණ්ඩුවේ ප්‍රති ත්‍රස්ත පනතෙත් අර්බුද තියනවා !

 එසේම ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රති - ත්‍රස්ත පනතේද අර්බුද ඇති බවත් නමුත් එය ජීවිත අවධානමේ දමන තරම් දරුණු නැති බවත් දේශපාලන විචාරක මතය වී තිබේ.

 එහෙත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මාධ්‍ය සහ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධව යෝජිත ප්‍රති ත්‍රස්ත පනතේ ඇති ඇතැම් වගන්ති සංශෝධනය කර ගැනීමට ද මැදිහත්වීම අවශ්‍ය බවයි.

 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිකුත්කර ඇති ප්‍රති ත්‍රස්ත පනතට එරෙහි නිවේදනය පහත දැක්වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ගෙන එන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත

 වත්මන් ආණ්ඩුව 2015 ඔක්තෝබර් මාසයේදී අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් තම විදේශීය හාම්පුතුන්ට දුන් එක් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට වෙනත් නීතියක් සම්මත කරන බවයි. මේ සඳහා ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත දේශපාලන හා මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ මේ පනත් කෙටුම්පතේ ‘ත්‍රස්තවාදය’ යන්න නිර්වචනය කර තිබෙන ආකාරය නිසා සාධාරන හා යුක්ති සහගත දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මෙන්ම මාධ්‍ය විසින් තොරතුරු ප්‍රසිද්ධ කිරීමත් එම තොරතුරු වල මූලාශ්‍ර පිළිබඳ රහස්‍යභාවය රැකීමත් ත්‍රස්තවාදය හැටියට සැලකීමට ඉඩ ලැබෙන බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පසු, එම ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතේ විධිවිධාන වලට අනුව ශ්‍රී ලාංකීය පුරවැසියන් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් ඇතිකර ගැනීම තහනම් කළ හැකි බව කියමින් ආණ්ඩුව එයට ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින ආකාරය අපට පෙනේ. නමුත් ආණ්ඩුවේ මෙම ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත විරෝධකල්පික දේශපාලන ක්‍රියාකාරීත්වයට හා මාධ්‍ය නිදහසට අකුල් හෙළිම තුලින් සාමාන්‍ය පුරවැසියන් දඩුකඳේ ගසන අතරම, ත්‍රස්තවාදීන්ට සුවිශේෂ බුරුලක් ලබා දෙන ආකාරයට සකස් කර ඇත. ත්‍රස්තවාදීන්ට ලබාදෙන බුරුල නිසා එමඟින් සැබවින්ම සිදුවන්නේ ත්‍රස්තවාදය වැලැක්වීම නොව ත්‍රස්තවාදීන්ට ආරක්‍ෂාව ලබාදී ත්‍රස්තවාදය තවත් දිරි ගැන්වීමය.

රාජපක්ෂලා මරණ දඩුවමට එකගයි !

 අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව එක් පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුටත් මරණ දණ්ඩනය හිමි වේ. නමුත් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට අනුව පුද්ගලයන් සිය ගණනක් නැතිනම් දහස් ගණනක් වුවත් ඝාතනය කිරිමේ චෝදනාවකට වරදකරු වන ත්‍රස්තවාදියෙකුට දිය හැකි උපරිම දඩුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඩුවමකි. දණ්ඩ නීති සංග්‍රහයට අනුව මිනී මැරීමට ආධාර හා අනුබල දීමටත් මරණ දණ්ඩනය හිමිවුවද යෝජිත නීතිය යටතේ මහා පරිමාණ ඝාතන වලට ආධාර හා අනුබල දීමට වුවත් හිමිවන උපරිම දඩුවම වන්නේ අවුරුදු 15ක උපරිම සිර දඩුවමක් හා රුපියල් දසලක්‍ෂයක උපරිම දඩයකි. යම් වරදකට රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිමිවෙන දඩුවම්වලටත් වඩා බෙහෙවින්ම ලිහිල් දඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දීමෙන් ත්‍රස්තවාදය අධෛර්යමත් කළ හැකිද?

 උස්සන්නේ කාවද ? මොකටද ?කියන්න ඕනමද ?

 යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ට ඉතාමත්ම යහපත් ලෙස සැලකීමට පොලීසිය හා සන්නද්ධ හමුදා බැඳි සිටී. සන්නද්ධ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම තිබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බාරදිය යුතු වේ. එම ස්ථානාධිපතිවරයා අදාල සැකකරුගේ සිරුරේ තුවාල තිබේදැයි පරීක්‍ෂාකොට බලා ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතු වේ.

 මානව හිමිකම් කොමිසමට කියන්න ඕන නෑ !

 එම අත්අඩංගුවට ගැනීම තුළින් සැකකරුගේ මූලික අයිතීන් උල්ලංඝනය වී තිබෙනවාද නැද්ද යන්න ගැන සොයා බැලීම සඳහා අත්අඩංගුවට ගැනීම සිදු වී පැය 24ක් ඇතුළත ඒ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද වාර්තා කළ යුතු වේ.

 යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අඳාල නිලධාරීන් තම අනන්‍යතාවය ත්‍රස්තවාදී සැක කරුවාට පමණක් නොව, එම අවස්ථාවේදී එතන සිටින ඔහුගේ පවුලේ අය නැතිනම් මිත්‍රයන්ටත් හෙළිකල යුතු වෙයි. එවැනි නීතියක් මොවුන් ගෙන එන්නේ මේ රටේ ත්‍රස්තවාදීන් විසින් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් බුරුතු පිටින් ඝාතනය කළ ඉතාහාසයද නොතකාය. සිරභාරයට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට හෝ වෙනත් අයට ඔහුව බැලීමට සාධාරණ අවකාශයක් යෝජිත පනත යටතේ ලබාදිය යුතු වේ. මේ ආකාරයට අත්අඩංගුවට පත් ත්‍රස්තවාදියෙකු බැලීමට එන පුද්ගලයා ඊළඟ මරාගෙන මැරෙන බෝම්බකරුවා වීමටත් ඉඩ තිබෙන වාතාවරණයක පවා මේ විධිවිධානය ක්‍රියාත්මක වේ.

 චෝදනා නැතත් අත්අඩංගුවේ තියාගන්න සති 2ත් මදියි !

 යෝජිත පනත යටතේ ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගන්නා මොහොතේ සිට ඔහුගේ යහපැවැත්ම අන් සියල්ලටම වඩා මුල් තැන ගනී. අත්අඩංගුවට ගන්නා සියලු ත්‍රස්තවාදී සැකකරුවන් පැය 48 ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු වන අතර, එම සැකකරුවන්ගේ යහපැවැත්ම ගැන එම මහේස්ත්‍රාත්වරයා පුද්ගලිකවම කරුණු විමසා බැලිය යුතු වේ. සැකකරුවෙකු රැඳවුම් බාරයේ තබාගත හැක්කේ සති දෙකක කාලයකට පමණි. රැඳවුම් බාරයේ සිටින කාලය දීර්ඝ කළ හැක්කේ මහේස්ත්‍රාත්වරයෙකුගේ අනුමැතියට යටත්ව පමණි. ත්‍රස්තවාදී සැකකරුවෙකු රැඳවුම් බාරයේ තබාගත හැකි උපරිම කාලය සති 8ක් වේ. වර්තමානයේ බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ නම් සැක කරුවෙකු මාස 03ක් රැඳවුම් බාරයේ තබාගත හැකි අතර එම කාලය මාස 18 ක් දක්වා දිර්ඝ කල හැක.

 අධිකරණ ඇප පවා ප්‍රතික්ෂේප වෙයිද ?

 යෝජිත නීතිය යටතේ සැකකරුවකු නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් බාරයේ තබාගත හැකි උපරිම කාලය මාස 06 ක් වේ. මහාධිකරණ නියෝගයක් මත පමණක් එම කාලය තවත් මාස 06ක් දක්වා දීර්ඝ කළ හැක. නමුත් එම කාලය තුලද නඩු පැවරීමක් සිදු නොවුනහොත් අදාල සැකකරුවාව අනිවාර්යෙන්ම ඇප මත නිදහස් කළ යුතුවේ. නමුත් වර්ථමානයේ බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවෙකුට එරෙහිව නඩු පවරා අදාල සියලු කටයුතු ‍අවසන් වනතුරු ඔහුව දිගටම රිමාන්ඩ් බාරයේ තබාගත හැකි වේ. යොජිත නීතියට අනුව සැකකරුවන් රැඳවුම් බාරයේ හෝ රිමාන්ඩ් බාරයේ රඳවා තබා ඇති සියලුම ස්ථාන කලින් දැණුම් දීමකින් තොරව මානව හිමිකම් කොමිසම හා මහේස්ත්‍රාත්වරුන් විසින් පරීක්‍ෂණයට ලක්කොට ත්‍රස්තවාදී සැකකරුවන්ගේ සුවදුක් සොයාබලා, ඔවුන්ගේ යහපැවැත්මට අවශ්‍ය සියලුම මූලික පහසුකම් අදාල ආයතන විසින් සපයා දෙන බවට වගබලාගත යුතු වේ. මෙම යෝජිත පනත යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇති ත්‍රස්තවාදී සැකකරුවෙකුට එරෙහිව ඇසෙන නඩුව අවුරුද්දක් තුළ අවසන් කිරීමට නොහැකි වුවහොත් ඔහුව ඇප මත නිදහස් කිරීමට මහාධිකරණය බැඳී සිටී.

 රාජපක්ෂ චින්තනය වෙනස් වෙලා නෑ !

 නඩු පැවරීමෙන් පසුත් ත්‍රස්තවාදී චූදිතයන්ට විශේෂ සහන ලැබේ. යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට අනුව යම් කිසි ත්‍රස්තවාදියෙකුගේ ක්‍රියාකාරකම් නිසා ‘කිසිවෙකුට මරණය හෝ බරපතල ශාරීරික හානියක් සිදුවී නැත්නම්’ හා ‘රාජ්‍ය ආරක්‍ෂාවට එම පුද්ගලයාගේ ක්‍රියාකාරම් තුළින් බරපතල අගතියක් සිදුවී නැත්නම්’ හා අඳාල සැකකරුවා තමන් කළ දේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කරන්නේ නම් හෝ වින්දිතයන්ට වන්දියක් ගෙවීමට එකඟ වන්නේ නම් හා පුනරුත්තාපන වැඩසටහනකට සහභාගී වන්නේ නම්, නීතිපතිවරයාට එම සැකකරුට එරෙහිව තිබෙන නඩුව අත්හිටුවීමට නැත්නම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වුවද හැක.

 සාක්ෂි නැතත් අත්අඩංගුවේ !

 ‘කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රාජ්‍ය ආරක්‍ෂාවටත් අගතියක් සිදු නොකළ’ අයකු ප්‍රති-ත්‍රස්ත නීතියක් යටතේ අත්අඩංගුවට පත් වී උසාවියක චූදිතයෙකු බවටත් පත්විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැනනගී. ප්‍රායෝගිකව ගත්කළ ත්‍රස්තවාදී සැකකරුවෙකුට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය යටතේ නඩුවක් පවත්වාගෙන යාමට තරම් සාක්‍ෂි එකතු කිරීම දුෂ්කර කටයුත්තකි. බොහෝවිට සාක්‍ෂි එකතු කිරීමට බාධා වන්නේ එම ත්‍රස්තවාදය නිසාම රටේ පවතින තත්වයයි. යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඉන්පසු උසාවියක චෝදනා ගොනු කරනු ලැබූ පසුත් ඔහු ‘කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රටේ ආරක්‍ෂාවටත් අගතියක් නොකළ’ අයෙකු හැටියට සැලකෙන්නේ නම් එයට හේතුව ඔහුගේ ක්‍රියාකාරකම් ගැන උසාවියට පිළිගත හැකි සාක්‍ෂි සොයා ගැනීමේ අසීරුතාවය පමණි. ඔහු චෝදනා ලැබ සිටින අපරාධය ඔහු නොකලාය යන්න ඉන් හැඟෙන්නේ නැත.

 ආණ්ඩවේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතින්ද ඒ යථාර්තය පිළිගෙන ඇත. යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවකුට එරෙහිව ඇති චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පෙර අදාල චූදිතයා නීතියෙන් තමන් නොකළ බවට සැලකෙන අපරාධයකට ප්‍රසිද්ධියේ සමාව ගතයුතු බවටත් තමන් විසින් හානියක් නොකළ වින්දිතයන්ට වන්දි පවා ගෙවිය යුතු යැයි මේ ප්‍රති-ත්‍රස්ත පනතින්ම නියම කොට ඇත්තේ එම කාරණය නිසාය. යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතේ ඇති එවන් ජුගුප්සාජනක විධිවිධාන වලින් වක්‍රව පිළිගෙන ඇත්තේ ත්‍රස්තවාදී සැකකරුවන් සාමාන්‍ය නීතිය යටතේ උසාවියක නඩු පවරා වරදකරු කිරීමට ඇති අසීරුතාවයයි. සාමාන්‍ය නිතිය යටතේ උසාවිය බලාපොරොත්තු වන සාක්‍ෂි භාරය ත්‍රස්තවාදයක් පවතින අවස්ථාවක ප්‍රායෝගික වන්නේ නැත.

 මිනිසුන් සියළුදෙනා ත්‍රස්තවාදීන්ද ?

 මේ නිසා ත්‍රස්තවාදයට එරෙහිව ගෙන එනු ලබන නීති වලින් බොහෝ විට කළ හැක්කේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම මිස ත්‍රස්තවාදීන්ට නීතියෙන් දඩුවම් දීම නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව යම් නීතියක් සම්මත කර ගන්නේ නම් එය අඩුම වශයෙන් ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ මූලික අවශ්‍යතාවයවත් ඉටුකරගත හැකි ආකාරයට දැඩි විය යුතුය. 1979 දී එජාප අණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැඩි නීතියක් බවට විවාදයක් නැත. නමුත් අපට මුහුරණ දීමට සිදුවූයේ ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබුණු තරමේ මිලේච්ඡ ත්‍රස්තවාදයකටය. එවන් දැඩි නීති නොමැතිව ඒ ආකාරයේ ත්‍රස්තවාදයක් පරාජය කිරීමට හැකි වන්නේ නැත.

 ජීවත්වීමේ අයිතිය යනු මර්දිත වහලෙක් වීම නොවේ !

 යම්කිසි ත්‍රස්තවාදී චූදිතයෙකු උසාවියෙන් වරදකරු කළ පසුත් ත්‍රස්තවාදය ප්‍රසිද්ධියේ හෙළා දැකීම, වින්දිතයන්ට වන්දි ගෙවීම හා ප්‍රචන්ඩත්වය ප්‍රසිද්ධියේම ප්‍රතික්‍ෂේප කිරීම වැනි කාරණා සැලකිල්ලට ගෙන අදාල පුද්ගලයා කළ වරදට හිමි විය යුතු සිර දඩුවම අඩුකළ යුතු යැයි ආණ්ඩුවේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතේ සඳහන් වේ. ඒ අනුව මේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයකි. මේ අවස්ථාවේදී මෙවන් පනතක් නීතියක් බවට පත්වුවහොත්, එය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පසු ත්‍රස්තවාදය මර්ධනය කිරීමට සිදුවෙමින් පවතින මෙහෙයුම් වලට මරු පහරක් වනු ඇත. අපේ රට නැවතත් ත්‍රස්තවාදී උවදුරකට ගොදුරුවී ඇති නිසා මේ අවස්ථාවේදී 1947 මහජන ආරක්‍ෂක ආඥාපනතටත්, 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතටත් කිසිඳු වෙනසක් සිදු නොවිය යුතුය. ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වලට වඩා මුල්තැන දිය යුතු වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමටය.

 

මහින්ද රාජපක්‍ෂ

විපක්‍ෂ නායක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න