ලේ විලක් පතපු පියල් නිශාන්තව : CID කැදවා ප්‍රශ්න කරයි !

ලේ විලක් පතපු පියල් නිශාන්තව : CID කැදවා ප්‍රශ්න කරයි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ප්‍රශ්න කෙරෙමින් තිබෙන බව වාර්තා වෙයි.

ඒ ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ අරමුණ ඇතිව සයින්දමරදු ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී හමුදාවේ 11දෙනෙකු මියගිය බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවය.

පසුගිය 26 වනදා ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබිණ.

කල්මුණේ ප්‍රදේශයේදී පසුගියදා ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇති වූ වෙඩි හුවමාරුවේ දී ආරක්ෂක අංශයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි මන්ත්‍රීවරයා එම වැඩසටහනේදී කළ ප්‍රකාශයක් ගැන මෙම ප්‍රශ්න කිරීම සිදු කරයි.

මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න