තනතුර ගැන හිතලා කට පාවිච්චි කරන්න : අසාද් සාලිට තලතාගෙන් කනේපාරක් !

තනතුර ගැන හිතලා කට පාවිච්චි කරන්න : අසාද් සාලිට තලතාගෙන් කනේපාරක් !

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි පසුගියදා මාධ්‍ය හරහා කළ ප්‍රකාශය දැඩිව හෙළාදකින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරිය මේ බව සදහන් කරන අතර ආණ්ඩුකාරවරයා එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙන බවත් මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර වගකිව යුත්තන් දැනුවත් කළ යුතුව තිබුණ බවත් ඇය සදහන් කරයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙකු සිත් තැවුලකට පත් වුණා නම් තමන් කණගාටුව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරිය සිය නිවේදනයේ සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

ඊයේ දවස වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී විසින් අධිකරණයට සම්බන්ධව විනිශ්චයකාරතුමන්ලා පිළිබඳව යම් කිසි හෙළිදරව්වක් කරන්නට යෙදුනා මාධ්‍ය හරහා, මම මොනම හේතුවකටවත් මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සුදානම් නැති වුණත්, මාධ්‍ය හරහා වෙච්ච හෙළිදරව්වක් නිසා ඒ සදහා මට මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න වෙලා තියෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම මම ඇත්තටම සන්තෝෂ වෙනවා ගරු ආණ්ඩුකාරතුමා මේ පිළිබව විෂය භාර ඇමතිවරිය හැටියට අපිව පුද්ගලිකව දැනුවත් කරලා හෝ අතිගරු ජනාධිපතිතුමා හෝ ගරු අගමැතිතුමා දැනුවත් කරලා, ඒ අවශ්‍ය කටයුතු කරන්න අපිට උපදෙස් ලබා දුන්නා නම් , නමුත් එහෙම කිසිම දෙයක් නොකර මම හිතන්නේ මේ වෙලාවේ ඉතාම ස්වාධීන අධිකරණයක් රටේ ක්‍රියාත්මක වන වෙලාවක නීතියට ගරු කරමින් නීතිය ක්‍රියාත්මක වන වෙලාවක විනිශ්චයකාරවරයෙක් කළ සිද්ධියක් හෝ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යට කෙලින්ම කථා කිරීම ඒ තරම්ම හොද ක්‍රියාවක් හැටියට මම දකින්නේ නැහැ.ඒ පිළිබදම මම මේ අවස්ථාවේ හෙළා දකිනවා .

ඒ ගැන මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා , මාධ්‍ය හරහා එවන් සිද්ධියක් සම්බන්ධයෙන් මොනම විනිශ්චයකාරවරයෙක් හරි කටයුතු කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගරු අග්‍රවින්ශ්චවකාරතුමාවත් විෂය භාර ඇමතිවරිය හැටියට මාවත් දැනුවත් කළා නම් ඒ අනුව අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා අවශ්‍ය කටයුතු කරන්නට පුළුවන් කමක් ඇති වෙනවා.

මගේ විශ්වාසයේ හැටියට නම් එහෙම කිසිම විනිශ්චයකාරවරයෙක් සම්බන්ධව මේ වන තෙක් අපිට කරුණු අනාවරණය වෙලත් නැහැ.ඒ වගේම මම ඇත්තටම මේ සම්බන්ධයෙන් සිත් තැවුලකට අපේ ගරු විනිශ්චයකාරතුමන්ලා පත් වෙලා ඉන්නවා නම් මගේ කණගාටුව ඒ අයට ප්‍රකාශ කරනවා.මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා , මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් . හැබැයි මේ තත්වය රටේ පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මොනම තත්වයක හෝ තරාතිරමක කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා නම් දේශපාලන භේදයකින් තොරව තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමකින් තොරව අවශ්‍ය උපරිම කටයුතු කරන්න අපි ඕනෑම වෙලාවක සුදානම් කියන එකත් මේ අවස්ථාවේ දැනුවත් කරනවා.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න