ෂැන්ගිලා හෝටලේහි මරාගෙන මැරුණු බෝම්බකරු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම් ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී සැකපිට අත්අඩංගුවට ගත් සේවකයින්10ගෙන් නවදෙනකු රුපියල් ලක්ෂ 5 බැගින් වු ඇප සහිතව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කර ඇත.
මහේස්ත්‍රාත්වරයා මෙසේ ඇප නියමකර ඇත්තේ මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී පනත ප්‍රකාරව වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා නොකර ඇතැයිද එහෙයින් ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නැතැයි පවසමිනි.
එසේම මෙම සිද්ධියට අදාලව 10 වැනි සැකකරු පමණක් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

