අනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර හට මැයි මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය මණ්ඩල ප‍්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම වෙනුවෙනි.
ඒ අනුව මෙම නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම මැයි මස 13වැනි දා සිදු කිරීමට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළහ.
ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙනත් පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාගය පැවැත්වේ.
කෙසේ වුව පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ පිරිපිරීමේ සිදු වීම සම්බන්ධයෙන් පූර්ව පියවර නොගැනීම පිළිබ`ද අදහස් දැක්වීම වෙනුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති වරයා සහභාගී වී නොතිබිණ.

