ජාතිවාදී හැගීම් උද්දීපනය කරවන ආකාරයේ චිත්‍රපට ඉදිරි කාලය තුළ හැකිතාක් ප්‍රදර්ශනය කරන ලෙස රාජපක්ෂ පාර්ශවයේ (ගෝඨා කණ්ඩායම ) සිය හිතවත් මාධ්‍ය ජාල වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මුස්ලීම් අන්තවාදී සංවිධාන, ආගමික කල්ලිවලට එරෙහිව සංවිධානය වන තරුණ කොටස්, විශ්‍රාමලත් හමුදා සාමාජිකයන් යලිත් අවි දරණ ආදී ලෙස තේමා කිහිපයක් ඒ සදහා ලබාදී ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට වඩාත්ම හිතවත් පෞද්ගලික මාධ්‍ය ජාලයක් එම කාර්‍යයට එකගතාවය පළකර ඇති බවත් වාර්තා වන අතර ඔවුන් මේ සතියේ සිට ඒ වෙනුවෙන් කටයුතු කරන බවට සහතිකව ඇති බවත් වාර්තා වෙයි.
ලැබී ඇති තොරතුරු අනුව තවත් පෞද්ගලික මාධ්‍ය ජාලයක් මේ සම්බන්ධව අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කර ඇති බවත් දැනගන්නට තිබේ.
රාජ්‍ය මාධ්‍යටත් ඇණේ ලෑස්තියි !
මේ සම්බන්ධව පැවති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ ට සමීප මාධ්‍ය ජාල හිමිකරුවකු "රාජ්‍ය මාධ්‍ය" මේ සදහා යොදාගැනීමේ වැදගත් කම පැහැදිලි කර ඇති අතර ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය තුළ සිටින පක්ෂයේ හිතවතුන් කැදවා සාකච්ඡා කිරීමටද උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.
ජාතිවාදී අදහස් දෝරේ ගලයි : වගකිවයුතු පාර්ශව නිහඬයි !
මේ අතර මෙරට විද්‍යුත් මාධ්‍ය බහුතරයක් අන්ත ජාතිවාදී අදහස් කාන්දු වන ආකාරයට සිය විකාශන කටයුතු සිදුකරන නමුත් ඒ පාලනය කිරීමට කිසිදු බලධාරියකු ඉදිරිපත්ව නොමැති තත්ත්වයක් මතුව තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු පෙන්වා දුන්නේ එක්තරා පෞද්ගලික මාධ්‍ය ජාලයක් සිය ප්‍රවෘත්ති විකාශය පමණක් නොව මේ වන විට වැඩසටහන් අංශය පවා යොදවා ජාතිවාදී අදහස් ඉස්මතු කරන බවය.
අවම වශයෙන් මෙම මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැදවා සමාජය තවදුරටත් ආතුර නොකරන ලෙසහෝ උපදෙස් නිකුත්කරන්නට ආණ්ඩුවේ කිසිවෙකු නොසිටීම ඛේදවාචකයක් බවත් ඔහු පැවසීය.
ගාමිණී සුමනසේකර : රූපවාහිනියෙන් ජාතිවාදය පතුරවයි !
තවද ජාතික රූපවාහිනීයට "ඉරිදා" දිනයේ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව ජේෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකරගේ පිටපතක් අනූව සැකසෙන වැඩසටහන ද මේ වන විට අන්ත ජාතිවාදී වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලීම් අමාත්‍යවරයකු මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශයක් අර්ථය විකෘති කර පෞද්ගලික මාධ්‍ය ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ජනාධිපති සිරිසේනගේ නියෝජිතයා ලෙස රූපවාහිනී සටහන් ලියන ගාමිණී සුමනසේකර එම අදහස රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඉතා නින්දිත ආකාරයට පෝෂණය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය මාධ්‍ය තුළ පවා ඉතා පහත් බත්බැල ආකාරයට ජාතිවාදී අදහස් පතුරවන්න ගාමිණී සුමනසේකර ට හයිය ලැබී ඇත්තේ ආණ්ඩුවේ පෞරුෂ අර්බුදය නිසා බවත් ඔහු අවධාරණය කරයි.

