Language Switcher

V2025

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා පළමු බිල්ල ගනී !

මේවනවිට සැලසුම් සහගතව ක්‍රියාත්මක මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා එක් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි වාර්තාවේ. එම වාර්තවලට අනුව නාත්තන්ඩියේ පදිංචි වඩු කාර්මිකයකු වන 45 හැවිරිදි ෆවුසුල් අමීර් මරා දමා ඇති බව සඳහන් වේ.

කලහකාරීන් විසින් කපා කොටා බරපතල ලෙස තුවාල ලද ඔහු මරුමුවට පත්ව ඇත්තේ මාරවිල රෝහලට ගෙන ඒමෙන් අනතුරුවය.

හදිසි නීතිය පැනවීමෙන් පසුත් ප්‍රචණ්ඩ කල්ලි ප්‍රහාර වල නිරත වූ බව මුස්ලිම් නායකයෝ ආරක්ෂක බලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී චෝදනා කර තිබේ.

ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස සිටි නායකයින් හඳුනාගැනේ..!

 මුස්ලිම් ජාතිකයන්ට අයත් කඩ ගිනි තබමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවා ඇති පුද්ගලයින් මේවනවිට හඳුනාගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

පෙරේදා (12) සහ ඊයේ (13) කුලියාපිටියේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට නායකත්වය දී ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධානියකු හා 'මහසෝන් බලකායේ' ප්‍රධානියකු බවට හඳුනාගෙන ඇති අතර එවැනි ක්‍රියාවලට 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රාදේශීය නායකත්වයේ පුර්ණ සහය ලැබී ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ විසින් අගමැතිවරයාව දැනුවත් කර තිබෙන බව පැවසේ.

පෙට්‍රල් කෑන් රැගෙන මෝටර් සයිකල් වල නැගී පිට පළාත් වලින් පැමිණි 200 ක් පමණ මැරයෝ කුලියාපිටියේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන රැසකට සහ මුස්ලිම් පල්ලි 9 කට පහර දී සමහර ස්ථාන වලට ගිනි තබා තිබිණ.

සිද්ධියට සම්බන්ධ සිව් දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර හිමිනමක් සමග පැමිණි පිරිස් පොලිසිය වටලා අත් අඩංගුවේ සිටි එම මැරයන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කළහ. පොලිසිය ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවමින් අත් අඩංගුවේ සිටි පිරිස හෙට්ටිපොල පොලිසියට මාරු කරන ලද්දේ ය.

අනතුරුව (13) හෙට්ටිපොල පොලිසියට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු අත් අඩංගුවේ සිටි සැකකරුවන් හෙට්ටිපොලින් බාරගෙන පොලිස් ඇප ලබා දී නිදහස් කරවා ගෙන ඇතැයි ද මාධ්‍යය වාර්තාවල සඳහන් වේ.
625.0.560.340.390.550.380.800.668.160.90

හෙට්ටිපොල 13 සඳුදා උදෑසන

ඇඳිරි නීතිය දැමු පසුත් ඇතැම් තැන්වල "කලහකාරී සිදුවීම්"

 වයඹ පළාත සහ ගම්පහ පොලිස් කොට්ඨාසය හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඊයේ (මැයි 13) රාත්‍රී 9.00 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු 4.00 තෙක් ක්‍රියාත්මක විය.

වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන අතර ගම්පහ පොලිස් කොට්ඨාසය තුළ පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක විය.

ඊයේ දිනය තුළ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් තැන්වල හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව පොලිසිය සඳහන් කළේය.

ඊයේ රාත්‍රියේ ද වයඹ පළාතේ විවිධ ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම් නිසා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට අලාභහානි සිදුවී තිබිණි.

කලහකාරී ක්‍රියා පවතින ආරක්ෂක තත්වයට බාධාවක් !

 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා වර්තමාන තත්වය ගැන කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙවැනි කලහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ යොමුකිරීමට සිදුවීම පවතින ආරක්ෂක තත්වයට බාධාවක් වන බවය.

"ඊයේ හලාවත, බිංගිරිය ඒවගේම අද හෙට්ටිපොල ප්‍රදේශයේ කලහකාරී සිදුවීම් කිහිපයක් සිදුවුණා. මේ සිදුවීම් වලින් වෙන්නේ අපේ රටේ ජනතාවගේ සාමය කඩවීමත්, ඒ සාමය නැවත ස්ථාපනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා දැනට යෙදී සිටින ආරක්ෂක රාජකාරි වලින් ඉවත්වෙලා ඒ සඳහා කටයුතු කිරීමට සිදුවීමයි"

"එයින් අපි මෙතෙක් කල් කරගෙන ආපු ක්‍රියාන්විතයට බාධා සිදුවෙනවා, ඒ නිසා සියලු දෙනාගෙන් ඉල්ලනවා එවැනි සිදුවීම් වලට සම්බන්ධ වෙන්න එපා කියලා," ඔහු කියා සිටියේය.